වැහි කිරිල්ලී

Thursday, December 13, 2012

මතකයන් හ‍දෙහි සරද්දී...... අපි ‍වෙන් ව ගත කරන 13...... ‍වෙනු‍‍වෙන්

සරා කප් සුවහස් කලක්
පුරා ‍පෙරැමන් පාරමී
‍මේ පුදුම අහස යට
ඔබ මා හමු ‍වෙන්නැති.......

සබරගමු අහස ‍මෙන්
මුරැගසන් වැසි ඇද වැටී
යළි සැණින්
සිනාමල් පූදන්නැති.....

එකට එක් වී තැබු පියවර
නැගූ හසරැල්.....තැනු ‍ලෝකය....
හ‍දෙහි රදවා...ඔබ ‍මෙ‍හෙන්
නික්‍මෙන්නැති......

දෑත් විහිදා ‍සෙවණ සදමින්
දිව් දරන මග කියා දී
සු‍වෙන් ජීවිත තනනු වස්
ඔබ ‍බො‍හෝ ‍වෙ‍හෙ‍සෙනවැති........

සකි සදුනි

‍කො‍හේ ‍‍කොතැනක දුරින් සිටියත්
එදා ‍මෙන් අද ‍හෙටද මා
‍මේ හ‍දෙහි ඔබ සුරකිමි......

Thursday, September 20, 2012

‍පො‍ළොව අහසට ලියන වග නම්......



කදුලැල්ලක්
ඔබ‍ගේ ‍‍‍නෙත් අගින්..වැ‍ටෙනතුරා
ඉරි තලා ‍ගොස්..ගිණි ගැනුනු සිත්
බලා හිදී....

කිසි දිනක
එක් ‍‍‍නොවන අප
‍වෙලුනු ආදර ක්ෂතිජ‍යේ
මතක හසරැල්
‍තෙත් කළා හද
‍හෙලු තුටු කදුලැල් දරා......

නිමා ‍නො‍වෙනා
හ‍දේ ළ‍සොවින්
ගැහැට ඉවසනු බැරි නිසා
යළි හඩා ‍නොවැ‍ටෙන්න
ඔබ
හිත හදාගත්තාද මන්දා.......

Saturday, September 15, 2012

විසුළ අහස යට..........


විශ්ව විද්‍යායලත් වහල නිසා නිශ්චිත ආස්ථානයක් නැතිව දැන් මාස ‍‍දෙකක් තිස්‍‍සේ ජීවිතේ ට ඉර පායනවා.ආපහු බැහැල යනවා.ලාංකීය ‍පොළොව මත අති බහුතරයකට තමගේ ජීවිත තිරණය කිරිමේ නිදහස අහිමි නිසා මමත් වරප්‍රසාද අහිමි වූවෙක් වෙන්න ඇතියි හිත හදා ගන්නවා.කොහොම වුනත් මම අද ටිකක් වෙනස් දෙයක් ගැන මගේ සිතුවිලි ගොනු කරන්න හිතුවා. කැම්පස් ඉන්න කොට ටෙලිවිෂනය තියන තැනට යන්න කම්මැලි කමට සන්නිවේදන සම්බන්දතා බොහෝ වෙලාවට පවත්වන්නේ පුවත්පත් එක්ක.ඉතින් ටෙලි නාට්‍යය නම් බලන්නෙම නෑ. ඉදල හිටලා ‍ගෙදර ආවහම හුදකලාවට තියන අකමැත්ත නිසාම ‍ගෙදර අය එක්ක ඒ අයට පුරැදු නාට්‍යයක් බැලුවට ඒවගෙත් බලන්න හිතන්න දෙයක් නෑ කියල මට දැනෙනවා.එකම කතාව වෙන වෙන නම් වලින් යනකොට මේවා මොකට බලනවද කියලා හැමදාම මගේ ආඩපාලි අහල අම්මලටත් ඒත පුරැදුයි.බලන්න බැරි නම් නිකන් ඉන්න කියලා එයත් මට ටිකක් සැරට උත්තර දෙන්නේ කොච්චර උස් මහත් වුනත් ගෙදර පොඩි එකාට මොකට බය වෙනවද වගේ. කොහොම වුනත් මෙහෙම වැඩක් නැතුව ගෙදරට බරක් වෙනකොට දැන් මාස දෙකක් තිස්සේ මට හරි අපූරැ නාට්‍යයක් බලන්න ලැබුණා.නමින් විසුල අහස යට.......අලුතින් පටන් ගත්ත හිරැ නාලිකාවේ රාත්‍රී 9.30ට තමා විකාශය වෙන්නේ.නිර්මාණකරැවා කැලුම් පාලිත මහීරත්න. ලොකු ගෙදරක ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය දුගී පැලට විත් ආදරය දහසක් බාධක මැද ජයගන්න සුලභ කතා වස්තුවෙන් එපිටට ගොස් යාථාර්තයට හුරැ අඛානයකින් කතා කරැවා තමන්ගේ චින්තනය මෙහෙයවනවා මෙහිදි අපූරැවට දකින්න ට පුලුහන්.සමාජයේ අපි අතරම දැවෙටෙන දකින මිනිසුන්ගේ හැගීම් දැනීම් හරි අපූරැවට මෙහි චිත්රණය වෙනවා.මේ චරිත අපිට දුර නෑ.දුර චරිත ටෙලියේ දක්නට ලැබුණත් (උදාහරණ ලෙස අනෝමා වත්තලදෙණිය මහත්මියගේ නිළිය‍ගේ චරිතය) ඒ චරිත ඔස්සේ කතා කරැවා කතා කරන්නේ ඔබට මට ‍පොදු මානුෂික කාරණා හා බැදීම් වලටයි. වර්තමාන සමාජයේ මුදලට කේවල් කරන මානුෂික බැදීම් වල වටිනාකම කතාකරැවා සන්වේදී ‍ලෙසින් හදවතට ළන් කරනවා.කතාකරැවාගේ දෘෂ්වියට රෑප රාමු එක් කරන අධ්‍යක්ෂකවරයාගේ ශක්‍යතාවය කේෂත්‍රය පිළීබද දැනීම අල්ප වුව ද මගේ සිතට දනවන්නේ පහන් හැගීමක්.ඔහු තමන්‍ ගේ හැඩතල ඔස්‍ සේ මවන වෙනස නිර්මාණයට එකතු කරන් නේ අපූරැ ආලෝකයක්. සම්භාවනාවට පත් ප්‍රකට රංගන ශිල්පීන්ගේ ප්‍රකාශන අ‍පේ හදවත ආළෝලනය කරද්දී විශිෂ්ට හැගීම් ප්‍රකාශනය යෙදෙන විසුළ අහසින් කළඑළි බසින නිලුක්ෂි අමන්දා, හිරාන් යට්ටෝවිට වැනි දුහුනන්ගේ රංග ප්‍රතිභාවයේ වර්ණය ද විසුළ අහසේ දීප්තිය විශල් කරන වග කිව යුතුමය. අපුරැ රසිකත්වයක් දනවන විසුළ අහස යට කණ්ඩායමට රසික ප්‍රනාමය.‍
මේ පුංචි පුංචි තාරකා විසුළ අහස් වියන යටමය ඔබත් මමත් හීන එකතු කරන්නේ. ඒ හීනයට පණ පොවන්න කියන්න මට ඔබට සිතුණා අවසන........

සවිඥානක ‍දේශපාලන ‍මොළ ඇවැසි ව ඇත.


වත්සුණෙන් මූණූ තවරා ගත් නිළියන් රෑපවාහිනි වැඩසටහන් වලට විත් දේශපාලනය ගැන අදහස කුමක්දැයි විමසද්දී ‍කෝළ වනු මා දැක ඇත.‍දේශපාලනය ගැන කතා කිරීම ඔවුන්ගේ හුරතල් භාවය නසා ලනු ඇතැයි ඔවුන් සිතනවා විය හැක. පුරැෂයන් පවා තමන් ළග කිසිම දේශපාලන අදහසක් නැතැයි පවසනු මට ඇසී ඇත. සවිඥානක දේශපාලන කතිකාවතක් ඔවුන් මවා ගෙන ඇති දුර්වල පිරිමි ‍පෞර්ශය බිද ‍හෙළනු ඇතැයි ඔවුන් සිතනවා විය හැක. අවිඥානක ‍මොවුන්ගේ දේශපාලන භාවිතය සමස්ත සමාජය දිනෙන් දින හෙලනු ලබන අගාධය මා සිත් හි මවන්නේ භයංකාර හැගීමකි. දෙන දෙය දෑතින් ම ගෙන කට ඇර වේදිකාවන්හි ඔවුන් ම අධ්‍යක්ෂනය කර රගපාන රංගන බලා හිදිනු ඇර සවිඥානක දේශපාලන කතිකාවතක අවශ්‍යතාවය සමාජය තුළ මතු නොවන්නේ ඇයි? ආර්ථිකමය, සමාජීය, සංස්කෘතික ජීවිතය තුළ පවා අසරණ වීමකට හුදකලා වීමකට ලක් ව ඇති ලාංකීක ජන ජීවිත යළිත් බලාපොරොත්තූන් හි දැවටෙන්නේ කවදාද? මා ළග පිළිතුරැ නැත.
පහුගිය පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කළ ආණ්ඩු දරන දේශපාලකයෙක් කියූ කතාවක් සිහියට නැගේ.ඔහු පැවසූයේ මේ ජයග්‍රහණ කියාපාන්නේ ජනතාව අපගේ ගමන් මග අනුමත කරන බවයි යන්නයි.මා කුඩා කළ කථික තරගයකට තරැණ අසහනය ගැන කතාවක් කළා යැයි සිහින් මතකයක් සිතෙහි ඇත.නමුත් බලාපොරොත්තු කඩ වීම, සමාජීය හුදකලා බව, සහෝදර ඇසුරක තෝරභාවය හරහා සත්‍ය ලෙසම අසහනය අත් විදින මගේ මානසික අවුල් භාවය හරහා මැවෙන චිත්ත විකාරදැයි ම‍ම නොදනිමි.සිහි බුද්ධිය හොදින් ඇති මේ පොළොවේ සැබෑ ලෙස පය ගහන්නෙකු ට මෙම ආණ්ඩුවේ වර්තමාන ගමන් මග අනුමත කළ හැකි ද ? මේ ලාංකික සමාජයේ අධ්‍යාපනයට සම්බන්ධ එකම දරැවෙකු හෝ සිටින කුටුම්භයක් නැතුවා වන්න ට බෑ.හෝඩියේ පන්තියේ සිට විශ්ව විද්‍යාලය දක්වා අවුල් සහගත තත්වයන් හරහා බරපතල සමාජ ඛේදවාචකයන් දිනෙන් දින මැවෙද්දී වෙනසක් මේ සමාජය අපේක්ෂා නොකරන්නේ ඇයි? පිළීතුරැ වහා වහා ඇවැසිය.මන්ද වැරදි සිදු විය යුතුය.මන්ද නිවැරදි වන්නේ ද අත්දැකීම් ලබන්නේ ද වැරදීම හරහා මය. නමුත් ඇතැම් වැරදීම් නැවත කිසි දිනෙක නිවැරදි නොවන අතර ප්‍රතිඵිල ලැ‍බෙන විට අපි බොහෝ පමා වී සිටින්නට පුලුහන.එසේ වුවහොත් ඉතිහාසය කිසි දිනෙක අපි නිදොස් නොකරනු ඇත.....................

Tuesday, September 11, 2012

කාලය කෙතරම් නපුරැද ?


මම...............
උපන්නේ, හැදුනේ වැඩුනේ
වයඹ.
ඔයා.................
සබරගමුවේ.
අපි.................
මුණ ගැහුණේ, ජීවිත පටන් ගත්තේ
හැඩුවේ, සිනාසුණේ
සබරගමුවේ.
අපි.............
ආදරෙන් ඇවිද ගියේ, මතකයන් එකතු කළේ
ඌවේ දී.
අපි..............
ජීවිතේ හොයාගෙන පියමැන්නේ
බස්නාහිර ට.
දැන්....ආයෙමත්
මම.............
වයඹ.
ඔයා..............
නැගෙනහිර.
කෝ කොහේද
අපේ ජීවිත ?



Sunday, August 19, 2012

අපැහැදිලි සිතුවිලි (අහම්බෙන්).........................


හදවතේ ජීවත් වෙන නිර්මණ ශීලි මිනිසා පණ අදින, සංවාදය වෙනුවට විසංවාදය ඉස්මතු වෙන ජීවිතේ බොහොම පීඩාකාරී යුගයකට ඵළඹ ඇතැයි සිතෙන තරමටම සිතිවිලි දුප්පත් වී ඇතැයි මම සිතනවා, මට හැගෙනවා.2007 ප්‍රථම වතාවට උසස්පෙළ ලියද්දි විශ්ව විද්්‍යාලයට යන්නට ලොකු බලාපොරොත්තු නොතිබ්බත් හදවතේ කොණක පුංචිම හරි ප්‍රර්ථනාවක් පණ නොඇද්දයි මට ආත්ම වංචාවක් කරන්න බෑ.පුරැදු පරිදි ස්වභාවධර්මයා බලලා හරි ඵ් හැටි මහන්සි නොවුණ මාව පළවැනි සැරෙන් ම කැම්පසුත් තේරැණා කියමුකෝ.ඵදා මෙදා තුර දැන් අවුරැදු 5ක් හරියටම උපාධිය ගන්න සිහිනේ ගිලිලා වෙලිලා හෙම්බත් වෙලා ඉන්නේ.ඵ් හෙම්බත් වීමම මාව මගේන් ඈත් කරලා සිතිවිලි දොරගුලු දා දැයි මට සිතේ.
විශ්ව විද්‍යාල ඇතුළේ ඉන්න සමස්ත මානව ප්‍රජාව තුළම මේ කළකිරීම, ඉඡ්චාභංගත්වය ඇතැයි මට සිතෙනවා. ඵ් විතරක් නෙවේ ආශ්චර්යයේ සිහින දකින ලාංකික වැසියාත් තුටින් මනමෝහනයට පත්ව ඇතැයි මට හැගෙන්නේ නෑ. දශක ගණනාවත් මුලුල්ලේ වෙනස් නොවුණ, වෙනස් කිරීමට වුවමනාවක් වත් දකින්නට නොලැබෙන මේ සමාජ ක්‍රමයම විවිධ වෙස් මුහුණු වලින් සැරිසරනු නිතර දෙවේලේ දක්නට ලැබුණත් නෑවිමත්, ඇද ගෙනම ඉල්ලා නා ගැනීමත් හැර වෙනස් චින්තනයක් හෙම්බත් වුණ, පීඩාවට ලක් වූ කර මුලටම සිර වූ රට වැසියාගෙන් දක්නට නොලැබීමත් ඵක්තරා සමාජීය ඛෙදවාචයක්. මුලු මහත් ලංකාද්වීපයම සමස්ත පවුලක් ලෙස පරාජය තුළ වෙළී, ගැළී ස්වභාවධර්මයාගේ පවා සරදමට ලක් ව ඇතැයි සිතෙනවා.වේදනාවෙන් හෙම්බත් වුණ හඩන දෑස්, මහ පාරේ බස් රථ තුළ, නැවැතුම්පොළවල් හි දැවෙන ජීවිත හදවතට දනවන්නේ කියාගන්න බැරි තරම් බරක්.මගේම නෑ සියන් මගේම මව් පොළොව මත ජීවිතය පිණිස කරනු ලබන අරගල හදවතත් තෙත්ව සංවේදී කරනවා.ඵ් අතරේ පෞද්ගලික ජීවිතේත් නොයෙක් හැලහැප්පීම් මැද්දේ, විවිධ සංවේදනා මැද්දේ ඉදිරියට ඇදෙනවා. ඉතින් මේ හදන්නේ මුල මැද අග පැහැදිලි නැති කතාවකට අකුරැ අමුණලා වැහි කිරිල්ලිය පාලු කළාට උත්තර බදින්න නම් නෙවේ. හැමදෙයක්ම විදිමින්, බලමින් ජීවත් වෙමින් ඉදිරියට ඇදෙන මේ ජීවන යාත්‍රාවේ දිශානතිය පොඩ්ඩක් පැහැදිලි කළා.ඵච්චරයි.කොහොම වුනත් මම නම් ඉගෙන ගත්තේ හැමදේම බිමටම සමතලා වුණත් ඵ් සුන්බුන් දිහා බලාගෙන ම සංයමයෙන් ආයෙමත් ඵ් හැමදේම ගොඩ නගන්න. හැමදේම නැතිවෙලා නැති නිසාත්,
හැමදාම උදේ ට අරැණලු ඵක්ක නව දවසක් උදා වෙන නිසාත් මමත් ඵ් උදාවෙන දවසේ ලාංකික මානවයෙක් විදිහට නැවුම් බලාපොරොත්තු වලින් හදවත පුරවා ගන්නවා.

Tuesday, June 5, 2012

ආදරණීය අයි‍යේ.....


ආදරණීය අයි‍යේ.....

‍බෝ දුර සත්සමුදුරැ එ‍තෙර
වැලි කතර ඔබ තනිව
දින,සති වසර නික්‍‍මෙයි.

‍බො‍හෝ කලකින් මා දුටුව
ඔ‍බේ ‍නෙත වැකුණු කදුලක්
‍තෙත් කළා මා හදවත
ඉක්ම ගිය මතක‍යෙන්......

අම්මා එපා නංගිට බනින්නට
වදනිකුදු හද තවනු ‍නොහැකිව
ආද‍රෙන් පි‍යෙකු ‍සේ
ඔබ පිරෑ පාරමී...අ‍පේ බා‍ලේ
මැ‍වෙයි මා අබියස
කකියවා දවා මා හදවත.......

‍මේ එකම අහස යට
එකම හිරැ සදු එළිය දුන්නද
මා තනිව......
ඔබ තනිව ‍බො‍හෝ දුර ඈතක......
කා‍ලෙකින් ජීවිතය ඉසිඹුලන
ඇසිල්ලක.....
මා අදත් පියමනිනවා අයි‍යේ
‍සොයන්නට ඔබට මට මගඇරැණු ජීවිතය.......

දැ‍නෙන්ට ජීවිතය කිසිදි‍නෙක
තනි ‍නොවන වග
සුළගකට මුසුකර එවනවද
ඔ‍‍බෙ හදහැස්ම මට........






Saturday, February 18, 2012

ඔබට බෝ පින්................


ජීවිතයේ මා ලද මහගුතම හා වටිනාම
ත්‍යාගය මා අම්මා, තාත්තා සහ අයියා ය
මාගේ ජීවිතය ගොඩ නගන්නට
‍අම්මා තරම් දුක් දැරෑ කෙනෙක්
තාත්තා තරම් සෙවණ දුන් කෙනෙක්
අයියා තරම් සෙනෙහස පිරෑ කෙනෙක්
ලොව තවත් නැතී............
මේ ජීවිතයේ ඇට මිදුළු සිසාරා දුවන්නේ
ඔබ තිදෙනා නමින් ගලනා රැධිරයයි.
මට ඔබ වෙනුවෙන් කළ නොහැකි කැපකිරීමක්
ලොව තවත් නැතී...............
සත්තයි මේ වචන හරි බරයි
මා තැනුවේ ඔබයි
මා ජීවිතය ඔබෙයි

එහෙත් මේ ජීවිතයේ මා දුටු සුන්දර ම මිනිසා ඔබයි
මිනිස් සන්වේදනා හා ගැටෙමින් තෙරපෙමින් හැපෙමින්
ගෙවනා මේ ජීවිතයේ
මා කියැවූ මා දැන උගත් ඒ මහා පොත් වල සිටි
නිහතමානී මිනිසා ඔබයි..
මා හදුනාගත් කැපවීම අධිෂ්ඨානය ඔබයි....
මහා දර්ශන මා වනපොත් කරද්දී
මිනිසත්කම ප්‍රායෝගිකව පෙන්වූයේ ඔබයි......
මා හදුනාගත් මිනිසත්කම ඔබයි....
ඇවැසි තැනට, ඇවැසි පරිදි නායකත්වය දුන්
මා දුටු මහා පෞර්ශය ඔබයි....
සෞන්දර්යයේ පැහැය කියා දුන්
මා විදි ඒ හැම හැගුමකම හිමිකරැවා නුඹයි.....

ඉදින් හෙට ඔබ නික්මේවි
මේ මට ඔබට දිය හැකි තුටු පඩුරයි...

හැමදේම නොව
එහෙත් බොහෝ මිනිසුන් ළග නැති
බොහෝ දේ දරා සිටිනා
අවිහිංසක සිනාවකින් සිතුවිලි සාගරයක්
වසා සිටිනා
ඔබට බෝ පින්
මේ දුන් විසල් සෙවණ ට. රැකවරණයට
නොමියෙනා මතකයට.....