එක් නිමේශයකට සිතට නැගෙන සංවේදනා ඉවසිල්ලක් නැතුව පිට කිරීමේ මනුශ්යො ගතියට යට වුණු අපි දෙදෙනා ටම ඉතිරි වුණේ සුන්දර අතීතයක් විතරයි. වර්තමානයක් නෑ. ඒ නිසා ම අනාගතයකුත් නැහැ. බොහෝ දුෂ්කර කාල වල දී අපි එකට හිටියා.අප ට හිනා නොවුණ මිනිසුන් වැළදගෙන අපි අපි ට පුරැදු අත්වැල අතහැරලා නන්නාදුනන පොළවක නන්නාදුනන හිත් අපේ කරගෙන හදුනන අත්වැල ලිහලා දැම්මා. ජීවිතේ මොන පැහැය ද කියලා අදුර ගන්න බැරි ඒ නිසා.ජීවිතේත් හරියට මේ අනන්ත අහස වගේ.හරි ඉක්මනට වෙනස් වෙනවා.අපිට ඔන දේ නෙවේ දෙන්නේ. මම දිග හුස්මක් හෙලලා සිත සැහැල්ලු කරගත්තා. මේ අකුරැ කියවන්න සමි ට නිස්කාසුවක් නෑ කියලා මම දන්නවා.මේ පැත්තට ගොඩ වැදුණා නම් ඔයා මාව තේරැම් ගෙන ගොඩක් කල්. කොහොම වුනත් මට සමා වෙන්න වරදක් වුණා නම්.ආයේ අපේ සබදකම් කිසිම දිනක ගොඩ නොනැගේවි. ඒත් අපි එකට හිටිය නම් කොච්චර සුන්දර දේවල් අපි ජීවිතේට එකතු වේ විද? ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. අපි නෙත ගැටෙන කාලය පවා ගෙවිලා යන්න බොහොම ළගයි. අවසානේ ට අප ඉතිරි කරගත් දේ කුමක්දැයි මට හිතුනා. නිවීම ම මිස ජීවිතයට වෙන කිසිවක් සුවය සලසන්නේ නැතැ යි මට හිතුණා. ඇයට මට මේ සබදකම් ශුන්යව ව ගිය පසු සතුට ඉතිරි වුවා දැයි මම නොදනිමි. හරි ම කෙටි මේ ජීවිතේ බොහොම සීරැවෙන් ගත කළ යුතු යැයි මට හිතුනේ ඇය නික්ම ගිය පසු.... ඇය කෙසේ සිතුවත් හදවතින් ම පතන්නේ ඔබේ ජීවිතේ නිති සතුට ම වේවා......
...................................................ජානු.................................................