වැහි කිරිල්ලී

Saturday, September 15, 2012

විසුළ අහස යට..........


විශ්ව විද්‍යායලත් වහල නිසා නිශ්චිත ආස්ථානයක් නැතිව දැන් මාස ‍‍දෙකක් තිස්‍‍සේ ජීවිතේ ට ඉර පායනවා.ආපහු බැහැල යනවා.ලාංකීය ‍පොළොව මත අති බහුතරයකට තමගේ ජීවිත තිරණය කිරිමේ නිදහස අහිමි නිසා මමත් වරප්‍රසාද අහිමි වූවෙක් වෙන්න ඇතියි හිත හදා ගන්නවා.කොහොම වුනත් මම අද ටිකක් වෙනස් දෙයක් ගැන මගේ සිතුවිලි ගොනු කරන්න හිතුවා. කැම්පස් ඉන්න කොට ටෙලිවිෂනය තියන තැනට යන්න කම්මැලි කමට සන්නිවේදන සම්බන්දතා බොහෝ වෙලාවට පවත්වන්නේ පුවත්පත් එක්ක.ඉතින් ටෙලි නාට්‍යය නම් බලන්නෙම නෑ. ඉදල හිටලා ‍ගෙදර ආවහම හුදකලාවට තියන අකමැත්ත නිසාම ‍ගෙදර අය එක්ක ඒ අයට පුරැදු නාට්‍යයක් බැලුවට ඒවගෙත් බලන්න හිතන්න දෙයක් නෑ කියල මට දැනෙනවා.එකම කතාව වෙන වෙන නම් වලින් යනකොට මේවා මොකට බලනවද කියලා හැමදාම මගේ ආඩපාලි අහල අම්මලටත් ඒත පුරැදුයි.බලන්න බැරි නම් නිකන් ඉන්න කියලා එයත් මට ටිකක් සැරට උත්තර දෙන්නේ කොච්චර උස් මහත් වුනත් ගෙදර පොඩි එකාට මොකට බය වෙනවද වගේ. කොහොම වුනත් මෙහෙම වැඩක් නැතුව ගෙදරට බරක් වෙනකොට දැන් මාස දෙකක් තිස්සේ මට හරි අපූරැ නාට්‍යයක් බලන්න ලැබුණා.නමින් විසුල අහස යට.......අලුතින් පටන් ගත්ත හිරැ නාලිකාවේ රාත්‍රී 9.30ට තමා විකාශය වෙන්නේ.නිර්මාණකරැවා කැලුම් පාලිත මහීරත්න. ලොකු ගෙදරක ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය දුගී පැලට විත් ආදරය දහසක් බාධක මැද ජයගන්න සුලභ කතා වස්තුවෙන් එපිටට ගොස් යාථාර්තයට හුරැ අඛානයකින් කතා කරැවා තමන්ගේ චින්තනය මෙහෙයවනවා මෙහිදි අපූරැවට දකින්න ට පුලුහන්.සමාජයේ අපි අතරම දැවෙටෙන දකින මිනිසුන්ගේ හැගීම් දැනීම් හරි අපූරැවට මෙහි චිත්රණය වෙනවා.මේ චරිත අපිට දුර නෑ.දුර චරිත ටෙලියේ දක්නට ලැබුණත් (උදාහරණ ලෙස අනෝමා වත්තලදෙණිය මහත්මියගේ නිළිය‍ගේ චරිතය) ඒ චරිත ඔස්සේ කතා කරැවා කතා කරන්නේ ඔබට මට ‍පොදු මානුෂික කාරණා හා බැදීම් වලටයි. වර්තමාන සමාජයේ මුදලට කේවල් කරන මානුෂික බැදීම් වල වටිනාකම කතාකරැවා සන්වේදී ‍ලෙසින් හදවතට ළන් කරනවා.කතාකරැවාගේ දෘෂ්වියට රෑප රාමු එක් කරන අධ්‍යක්ෂකවරයාගේ ශක්‍යතාවය කේෂත්‍රය පිළීබද දැනීම අල්ප වුව ද මගේ සිතට දනවන්නේ පහන් හැගීමක්.ඔහු තමන්‍ ගේ හැඩතල ඔස්‍ සේ මවන වෙනස නිර්මාණයට එකතු කරන් නේ අපූරැ ආලෝකයක්. සම්භාවනාවට පත් ප්‍රකට රංගන ශිල්පීන්ගේ ප්‍රකාශන අ‍පේ හදවත ආළෝලනය කරද්දී විශිෂ්ට හැගීම් ප්‍රකාශනය යෙදෙන විසුළ අහසින් කළඑළි බසින නිලුක්ෂි අමන්දා, හිරාන් යට්ටෝවිට වැනි දුහුනන්ගේ රංග ප්‍රතිභාවයේ වර්ණය ද විසුළ අහසේ දීප්තිය විශල් කරන වග කිව යුතුමය. අපුරැ රසිකත්වයක් දනවන විසුළ අහස යට කණ්ඩායමට රසික ප්‍රනාමය.‍
මේ පුංචි පුංචි තාරකා විසුළ අහස් වියන යටමය ඔබත් මමත් හීන එකතු කරන්නේ. ඒ හීනයට පණ පොවන්න කියන්න මට ඔබට සිතුණා අවසන........

4 comments:

Lishan Puwakovitage said...

බලන්න වෙලා නෑ කවදාවත්.., පෝස්ට් එක කියෙව්වම හොඳයි කියල හිතුනා.., බලන්න ඕන. ජය!

තරියා said...

නියම නාට්ටියක් කියලනං ආරන්චියි..
බලන්න වෙලාවක් තමා නැත්තේ...

වැහි කිරිල්ලී said...

වේලාව හදාගන්න.ඇත්තටම අගය කළ යුතු යථාර්තවාදී නිර්මාණයක්

Anonymous said...

මම නම් ටීවී බලන්නේ නැහැ.ඔව් දැන් කැම්පස් නැති නිසා ඇත්තටම අපිට වෙන්නේ ටීවී හරි බල බල ඉන්න තමා අප්පා..

කොහොම උනත් ස්තුතියි මේ ගැන කිව්වට හ්ම්ම් :)

ජය!