වැහි කිරිල්ලී

Sunday, August 19, 2012

අපැහැදිලි සිතුවිලි (අහම්බෙන්).........................


හදවතේ ජීවත් වෙන නිර්මණ ශීලි මිනිසා පණ අදින, සංවාදය වෙනුවට විසංවාදය ඉස්මතු වෙන ජීවිතේ බොහොම පීඩාකාරී යුගයකට ඵළඹ ඇතැයි සිතෙන තරමටම සිතිවිලි දුප්පත් වී ඇතැයි මම සිතනවා, මට හැගෙනවා.2007 ප්‍රථම වතාවට උසස්පෙළ ලියද්දි විශ්ව විද්්‍යාලයට යන්නට ලොකු බලාපොරොත්තු නොතිබ්බත් හදවතේ කොණක පුංචිම හරි ප්‍රර්ථනාවක් පණ නොඇද්දයි මට ආත්ම වංචාවක් කරන්න බෑ.පුරැදු පරිදි ස්වභාවධර්මයා බලලා හරි ඵ් හැටි මහන්සි නොවුණ මාව පළවැනි සැරෙන් ම කැම්පසුත් තේරැණා කියමුකෝ.ඵදා මෙදා තුර දැන් අවුරැදු 5ක් හරියටම උපාධිය ගන්න සිහිනේ ගිලිලා වෙලිලා හෙම්බත් වෙලා ඉන්නේ.ඵ් හෙම්බත් වීමම මාව මගේන් ඈත් කරලා සිතිවිලි දොරගුලු දා දැයි මට සිතේ.
විශ්ව විද්‍යාල ඇතුළේ ඉන්න සමස්ත මානව ප්‍රජාව තුළම මේ කළකිරීම, ඉඡ්චාභංගත්වය ඇතැයි මට සිතෙනවා. ඵ් විතරක් නෙවේ ආශ්චර්යයේ සිහින දකින ලාංකික වැසියාත් තුටින් මනමෝහනයට පත්ව ඇතැයි මට හැගෙන්නේ නෑ. දශක ගණනාවත් මුලුල්ලේ වෙනස් නොවුණ, වෙනස් කිරීමට වුවමනාවක් වත් දකින්නට නොලැබෙන මේ සමාජ ක්‍රමයම විවිධ වෙස් මුහුණු වලින් සැරිසරනු නිතර දෙවේලේ දක්නට ලැබුණත් නෑවිමත්, ඇද ගෙනම ඉල්ලා නා ගැනීමත් හැර වෙනස් චින්තනයක් හෙම්බත් වුණ, පීඩාවට ලක් වූ කර මුලටම සිර වූ රට වැසියාගෙන් දක්නට නොලැබීමත් ඵක්තරා සමාජීය ඛෙදවාචයක්. මුලු මහත් ලංකාද්වීපයම සමස්ත පවුලක් ලෙස පරාජය තුළ වෙළී, ගැළී ස්වභාවධර්මයාගේ පවා සරදමට ලක් ව ඇතැයි සිතෙනවා.වේදනාවෙන් හෙම්බත් වුණ හඩන දෑස්, මහ පාරේ බස් රථ තුළ, නැවැතුම්පොළවල් හි දැවෙන ජීවිත හදවතට දනවන්නේ කියාගන්න බැරි තරම් බරක්.මගේම නෑ සියන් මගේම මව් පොළොව මත ජීවිතය පිණිස කරනු ලබන අරගල හදවතත් තෙත්ව සංවේදී කරනවා.ඵ් අතරේ පෞද්ගලික ජීවිතේත් නොයෙක් හැලහැප්පීම් මැද්දේ, විවිධ සංවේදනා මැද්දේ ඉදිරියට ඇදෙනවා. ඉතින් මේ හදන්නේ මුල මැද අග පැහැදිලි නැති කතාවකට අකුරැ අමුණලා වැහි කිරිල්ලිය පාලු කළාට උත්තර බදින්න නම් නෙවේ. හැමදෙයක්ම විදිමින්, බලමින් ජීවත් වෙමින් ඉදිරියට ඇදෙන මේ ජීවන යාත්‍රාවේ දිශානතිය පොඩ්ඩක් පැහැදිලි කළා.ඵච්චරයි.කොහොම වුනත් මම නම් ඉගෙන ගත්තේ හැමදේම බිමටම සමතලා වුණත් ඵ් සුන්බුන් දිහා බලාගෙන ම සංයමයෙන් ආයෙමත් ඵ් හැමදේම ගොඩ නගන්න. හැමදේම නැතිවෙලා නැති නිසාත්,
හැමදාම උදේ ට අරැණලු ඵක්ක නව දවසක් උදා වෙන නිසාත් මමත් ඵ් උදාවෙන දවසේ ලාංකික මානවයෙක් විදිහට නැවුම් බලාපොරොත්තු වලින් හදවත පුරවා ගන්නවා.

3 comments:

මදුශාන් නිශාන්ත said...

ඔබට අවුරුදු 5ක්ම උනත්,සරසවිය සිහින මරන බව.හිත් ගල් කරන බව දැනගන්නට මට ගියේ ටික කාලයයි.
කරන්න ආපු දේ කරගන ඉක්මනට එලියට යන්නට වැට බඳින මේ මහා කරදරය ඉවර වෙන තුරු බලාපොරොත්තුවෙන් ඇස් ඇරන් බලාගන ඉන්නෙ ඔබත් මමත් විතරක් නෙවෙයි.
මොනවා නැති උනත් එල්ලිලා ඉන්නට හෙට දවස ගැන බලා පොරොත්තුව තියනවනෙ.............

තරියා අබේ said...

ලංකාවේ කැම්පස්.........

හිරුහිමාවී said...

ඉක්මනට පටන් ගත්තනම් හොඳයි අප්පා,,