වැහි කිරිල්ලී

Saturday, September 15, 2012

සවිඥානක ‍දේශපාලන ‍මොළ ඇවැසි ව ඇත.


වත්සුණෙන් මූණූ තවරා ගත් නිළියන් රෑපවාහිනි වැඩසටහන් වලට විත් දේශපාලනය ගැන අදහස කුමක්දැයි විමසද්දී ‍කෝළ වනු මා දැක ඇත.‍දේශපාලනය ගැන කතා කිරීම ඔවුන්ගේ හුරතල් භාවය නසා ලනු ඇතැයි ඔවුන් සිතනවා විය හැක. පුරැෂයන් පවා තමන් ළග කිසිම දේශපාලන අදහසක් නැතැයි පවසනු මට ඇසී ඇත. සවිඥානක දේශපාලන කතිකාවතක් ඔවුන් මවා ගෙන ඇති දුර්වල පිරිමි ‍පෞර්ශය බිද ‍හෙළනු ඇතැයි ඔවුන් සිතනවා විය හැක. අවිඥානක ‍මොවුන්ගේ දේශපාලන භාවිතය සමස්ත සමාජය දිනෙන් දින හෙලනු ලබන අගාධය මා සිත් හි මවන්නේ භයංකාර හැගීමකි. දෙන දෙය දෑතින් ම ගෙන කට ඇර වේදිකාවන්හි ඔවුන් ම අධ්‍යක්ෂනය කර රගපාන රංගන බලා හිදිනු ඇර සවිඥානක දේශපාලන කතිකාවතක අවශ්‍යතාවය සමාජය තුළ මතු නොවන්නේ ඇයි? ආර්ථිකමය, සමාජීය, සංස්කෘතික ජීවිතය තුළ පවා අසරණ වීමකට හුදකලා වීමකට ලක් ව ඇති ලාංකීක ජන ජීවිත යළිත් බලාපොරොත්තූන් හි දැවටෙන්නේ කවදාද? මා ළග පිළිතුරැ නැත.
පහුගිය පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කළ ආණ්ඩු දරන දේශපාලකයෙක් කියූ කතාවක් සිහියට නැගේ.ඔහු පැවසූයේ මේ ජයග්‍රහණ කියාපාන්නේ ජනතාව අපගේ ගමන් මග අනුමත කරන බවයි යන්නයි.මා කුඩා කළ කථික තරගයකට තරැණ අසහනය ගැන කතාවක් කළා යැයි සිහින් මතකයක් සිතෙහි ඇත.නමුත් බලාපොරොත්තු කඩ වීම, සමාජීය හුදකලා බව, සහෝදර ඇසුරක තෝරභාවය හරහා සත්‍ය ලෙසම අසහනය අත් විදින මගේ මානසික අවුල් භාවය හරහා මැවෙන චිත්ත විකාරදැයි ම‍ම නොදනිමි.සිහි බුද්ධිය හොදින් ඇති මේ පොළොවේ සැබෑ ලෙස පය ගහන්නෙකු ට මෙම ආණ්ඩුවේ වර්තමාන ගමන් මග අනුමත කළ හැකි ද ? මේ ලාංකික සමාජයේ අධ්‍යාපනයට සම්බන්ධ එකම දරැවෙකු හෝ සිටින කුටුම්භයක් නැතුවා වන්න ට බෑ.හෝඩියේ පන්තියේ සිට විශ්ව විද්‍යාලය දක්වා අවුල් සහගත තත්වයන් හරහා බරපතල සමාජ ඛේදවාචකයන් දිනෙන් දින මැවෙද්දී වෙනසක් මේ සමාජය අපේක්ෂා නොකරන්නේ ඇයි? පිළීතුරැ වහා වහා ඇවැසිය.මන්ද වැරදි සිදු විය යුතුය.මන්ද නිවැරදි වන්නේ ද අත්දැකීම් ලබන්නේ ද වැරදීම හරහා මය. නමුත් ඇතැම් වැරදීම් නැවත කිසි දිනෙක නිවැරදි නොවන අතර ප්‍රතිඵිල ලැ‍බෙන විට අපි බොහෝ පමා වී සිටින්නට පුලුහන.එසේ වුවහොත් ඉතිහාසය කිසි දිනෙක අපි නිදොස් නොකරනු ඇත.....................

2 comments:

තරියා අබේ said...

මටනං එපාම වෙලා තියෙන මාතෘකාවක්...
කොච්චර කලත් එච්චරයි..

Praneeth Kosala said...

කතාව සම්පූර්ණ ඇත්ත අක්කේ, ඒත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ රටේ මිනිස්සු ප්‍රශ්ණ ගොඩක එරිලයි ඉන්නෙ, අනිත් කෙනෙක්ගෙ ප්‍රශ්නයක් දකින්න තරම් මිනිස්සුන්ට ඉස්පාසුවක් නෑ. කෙනෙක් ඒක ආත්මාර්ථකාමීත්වය විදිහට අර්ථකථනය කරයි. ඒත් ඒක තමයි ඇත්ත. තමන්ගෙ ප්‍රශ්න තමන්ම විසඳ ගන්න ඕන කියන මතයෙයි ගොඩක් මිනිස්සු ඉන්නෙ. ඒ නිසා මිනිස්සු හැල්මෙ දුවනව. ඕනම ප්‍රශ්නයක් තමන්ගෙ ප්‍රශ්නයක් උන දාට මිනිස්සු ඒක විසඳ ගන්න උත්සහ කරනව.

ඉතින් අද අධ්‍යාපනයට වෙලා තියෙන ප්‍රශ්න ගැන කතා කලොත් මම නම් වරද පටවන්නෙ ඇමතිතුමාටවත් ITN එකටවත් මහ ජනතාවටවත් නෙවෙයි. වරද විශ්වවිද්‍යාල ශිෂ්‍යයො වන අපි අතේමයි. අපි අසමත් වෙලා තියෙනව මේ ප්‍රශ්න පොදු ජනතාවගෙ ප්‍රශ්න බවට පත්කරන්න. අපේ වගකීම අපි ඉටු කරානම් මේව නියපොත්තෙන් කඩන්න තිබුන දෙවල්.

ඒ අතින් ජනාධිපතිතුමයි ඇමතිතුමයි අපිට වඩා ඉස්සරහින් ඉන්නව කියන එක නම් පිලිගන්නම වෙනව.