එක් වරම මා තුළ මා නොමැති බව මට දැණුණි. මම නැවති යළිත්
හැරී බැලුවෙමි. සත්තයි මා තුළ මා නොමැත. මගේ අනන්‍යතාවය මුලු මනින් ම නැතිව ගොස්
මට මා අහිමිව ඇති බව මට දැණුනි.දැනෙන්නට කණේ පහරක් ගසා ගෙන මා ජීවතුන් අතරදැයි
මනින්නට මට එක් වරම සිතුණි. යළිත් මා වටා මා ගැන ම උපන් ආත්මානුකම්පාවක් වෙළා
ගන්නා ලදී. මම සිතුවෙමි. මම සිනාසුණෙ මි. සිත සිනිදු වට අත ගාන්නට නොරිද්දන්න ට වග
බලා ගෙන පහදා දුන්නෙමි. මට මා ම ආත්ම වංචා කර රවටා දැමුවෙමි. ඉතින් මා නීතියේ සරණ
පතන් නද? මා මාව ම රැවටුවා යැයි. මහා හඩා වැටීමක් තෙත නොදැනෙන කදුලු ගංගාවක් ගලනු
මට දැණින. ආත්මය ප්ලාස්ටික් වූයේ මගේ ම සිතුවිලි මා හැර දා ගියේ කවදාදැයි දින
වකවානු අමතක වන තරම ට ම දුර බව මට දැණුනි. ඔව් ඇත්ත තවත් මම තර්ක නොකරමි. තව
දුරටත් මම මම නොවේ. මම සසල වෙළා.මම හෙල්ලිලා.
Wednesday, December 4, 2013
Sunday, July 14, 2013
ආයෙමත් මම.....
කාලේකට පස්සේ මූණූ පොතෙන් යාලුවෙක් ට සිංහලෙන් කොමෙන්ටුවක් දාන්න ගියාමයි දැනුනේ ජිවිතේ මම කොච්‍චර දේවල් මග ඇරල ද කියලා..සිංහලෙන් යතුරැ පුවරැව හසුරවගන්න බැරි තරම් මම වැහි කිරිල්ලි ට ලියන එක මග ඇරලා..
ඉතින් එක පාරටම ආයෙත් ක්ෂණික සිතුවිල්ලක් ආවා මේ පැත්ත ට ගොඩවදින්න..කාලේකට කලින් කියෙව්ව රොබට් ෆොක්ස් කියන ඉංග්‍රිසි කවියගේ කවි පද කිහිපයක් මගේ මතකයට ආවා..මේ පද පේළි ටිකේ අර්ථය වුණේ වගකීම් එක්ක සිරවෙන මිනිස්සු කොච්චර දුරට තමන්ගේ ජීවිතේ තමන්ගෙන් ම ඈත් කරගන්නව ද කියලා..මිනිස්සුන් ට ජීවිතේ විදින්න ඕන වුණත් ටිකක් නතර වෙලා හතිලන්න ඕන වුණත් වගකීම් පොරොන්දු එක්ක බැදුණු මිනිස් හැගීම් එක්ක ගණූදෙනු කරන මේ රටාව ඇතුළේ ඔවුන් කොච්චර අසරණද කියලා ඒ පද පේළි හරි අපූරැවට විස්තර කළා මට මතකයි..
මොනවා වුණත් ජීවිතේ මග ඇරෙන්න නොදී රැකගන්න එක තමා ලොකුම සටන මේ සංකීර්ණත්වය ඇතුළේ... මම නම් හැමදාම විශ්වාස කරන්නේ ජීවත් වෙනවා කියන්නේ හුස්ම ගන්නවට වඩා එහා ගිය දෙයක්....
Saturday, April 20, 2013
දවස අවසන ට පෙර ලියූ සටහන.....යළිත් අහම්බෙන් අපැහැදිලි ව .......
2013 වසරේ නොලියවුණු සටහනෙන් වැහි කිරිල්ලී පන්හිද
ම පාලු වී ඇති හැඩයි. අහම්බයෙන් රෑ 12ට කිට්ටු කරද්දි අද දවස ගෙවල ඉවර කරන්න
කලින් පුංචි හිතට ආව සිතුවිල්ලක් සටහන් කරන්න ට හිතුණා.මේ ජීවිතය විටෙක හරි
බරක්.විවිධ විවිධ සන්වේදනාවන් ගෙන් මෙය මම අත්විදින්න ට උත්සහ ගන්නවා ඔබ වගේම. අපි
නොදැන හෝ දැන මේ දිව යන්නේ ජීවිතයේ සතුට සොයන්න ට නොවැ.
ඉතින් අපි හැම දිවයන් නේ අපි ට පෙන්නු අපි හිතන
සතුට නැමැති ආකෘතිය අප වටා තනා ගන්නට නොවේ ද?අපිට අවශ්‍ය සතුට මෙය යැයි සම්මත දේ
අපගේ වත්කම් කොට ගෙන අප සතුටින් කියන්න ට නොවේ ද? මේ සන්කීර්ණ සමාජ වටපිටාවේ
ඔබගේ මගේ සතුටේ නිර්මාණකරැවා පවා වීමට අපිට නොහැකි නොවේද? මට මේ රාමුවෙන් මිදෙන්නට
ඇවැසියි.මට බොහොම වෙහෙසයි.පාසලේ පළමු පන්තියට ඇතුළත් වීමටත් පෙරම මෙසේ කළොත් තමා
ජීවිතේ සතුට රැදෙන්නේ යැයි මා වටා බැදි බැමි පෙරළා දමන්නට මට ඇවැසියි. මගේ ම
විදිහට සතුට සොයන්න ට නිස්කාන්සුවේ සිතන්න ට ආදරේ කරන්නට ආදරේ විදින්න ට මට ඇවැසි
යි. මට හැසිරෙන්නට ඇවැසි තවකෙකු නිර්මාණය කළරාමුවක් තුළ නොවේ. ඉතින් සබද ඔබට ඇවැසි
නැද්ද මේ ඔබගේ ම ජීවිතයේ ඔබගේ ම හැඩතල මවන්න ට? නිදහස සැබෑ ලෙස ම විදින්න ට....
Subscribe to:
Posts (Atom)