වැහි කිරිල්ලී

Thursday, November 3, 2011

ඉරිතැලුණ ආදරය...................


විමසීය මම
දිනෙක
ආදරේදැයි කෙ‍තෙක්

සවන්පත් වැකිනි
ආදරේයැයි
මේ විසල් මහ පොළොව මෙන්

තුටුවුණා මසිත
මල් පිපෙන හසරැල් නගන
මිහිකත ම තිළිණදෙන
වසත් ඉම සිහිපත් ව

අමතක ව ගිය අරැම
දිනෙක ඉරිතලන වග
මේ විසල් මහ පොළොව