වැහි කිරිල්ලී

Saturday, April 20, 2013

දවස අවසන ට පෙර ලියූ සටහන.....යළිත් අහම්බෙන් අපැහැදිලි ව .......


2013 වසරේ නොලියවුණු සටහනෙන් වැහි කිරිල්ලී පන්හිද ම පාලු වී ඇති හැඩයි. අහම්බ‍යෙන් රෑ 12ට කිට්ටු කරද්දි අද දවස ගෙවල ඉවර කරන්න කලින් පුංචි හිතට ආව සිතුවිල්ලක් සටහන් කරන්න ට හිතුණා.මේ ජීවිතය විටෙක හරි බරක්.විවිධ විවිධ සන්වේදනාවන් ගෙන් මෙය මම අත්විදින්න ට උත්සහ ගන්නවා ඔබ වගේම. අපි නොදැන හෝ දැන මේ දිව යන්නේ ජීවිතයේ සතුට සොයන්න ට නොවැ.

ඉතින් අපි හැම දිවයන්‍ නේ අපි ට පෙන්නු අපි හිතන සතුට නැමැති ආකෘතිය අප වටා තනා ගන්නට නො‍වේ ද?අපිට අවශ්‍ය සතුට මෙය යැයි සම්මත දේ අප‍ගේ වත්කම් කොට ගෙන අප සතුටින් කියන්න ට නොවේ ද? ‍මේ සන්කීර්ණ සමාජ වටපිටාවේ ඔබගේ මගේ සතුටේ නිර්මාණකරැවා පවා වීමට අපිට නොහැකි නොවේද? මට මේ රාමුවෙන් මිදෙන්නට ඇවැසියි.මට ‍බොහොම වෙහෙසයි.පාසලේ පළමු පන්තියට ඇතුළත් වීමටත් පෙරම මෙසේ කළොත් තමා ජීවිතේ සතුට රැදෙන්නේ යැයි මා වටා බැදි බැමි පෙරළා දමන්නට මට ඇවැසියි. මගේ ම විදිහට සතුට සොයන්න ට නිස්කාන්සුවේ සිතන්න ට ආදරේ කරන්නට ආදරේ විදින්න ට මට ඇවැසි යි. මට හැසිරෙන්නට ඇවැසි තවකෙකු නිර්මාණය කළරාමුවක් තුළ නොවේ. ඉතින් සබද ඔබට ඇවැසි නැද්ද මේ ඔබගේ ම ජීවිතයේ ඔබගේ ම හැඩතල මවන්න ට? නිදහස සැබෑ ලෙස ම විදින්න ට....

1 comment:

Dishan Savithra Rajapaksha said...

ඔය විදිහට හිතෙන වෙලාවක් අනන්තයි.. එත්...