වැහි කිරිල්ලී

Sunday, July 14, 2013

ආයෙමත් මම.....

කාලේකට පස්සේ මූණූ පොතෙන් යාලුවෙක් ට සිංහලෙන් කොමෙන්ටුවක් දාන්න ගියාමයි දැනුනේ ජිවිතේ මම කොච්‍චර දේවල් මග ඇරල ද කියලා..සිංහලෙන් යතුරැ පුවරැව හසුරවගන්න බැරි තරම් මම වැහි කිරිල්ලි ට ලියන එක මග ඇරලා..

ඉතින් එක පාරටම ආයෙත් ක්ෂණික සිතුවිල්ලක් ආවා මේ පැත්ත ට ගොඩවදින්න..කාලේකට කලින් කියෙව්ව රොබට් ෆොක්ස් කියන ඉංග්‍රිසි කවියගේ කවි පද කිහිපයක් මගේ මතකයට ආවා..මේ පද පේළි ටිකේ අර්ථය වුණේ වගකීම් එක්ක සිරවෙන මිනිස්සු කොච්චර දුරට තමන්ගේ ජීවිතේ තමන්ගෙන් ම ඈත් කරගන්නව ද කියලා..මිනිස්සුන් ට ජීවිතේ විදින්න ඕන වුණත් ටිකක් නතර වෙලා හතිලන්න ඕන වුණත් වගකීම් පොරොන්දු එක්ක බැදුණු මිනිස් හැගීම් එක්ක ගණූදෙනු කරන මේ රටාව  ඇතුළේ ඔවුන් කොච්චර අසරණද කියලා ‍ඒ පද පේළි හරි අපූරැවට විස්තර කළා මට මතකයි..

මොනවා වුණත් ජීවිතේ මග ඇරෙන්න නොදී රැකගන්න එක තමා ලොකුම සටන මේ සංකීර්ණත්වය ඇතුළේ... මම නම් හැමදාම විශ්වාස කරන්නේ ජීවත් වෙනවා කියන්නේ හුස්ම ගන්නවට වඩා එහා ගිය දෙයක්....


1 comment:

Praneeth Kosala said...

ආයෙත් ලියන්න පටන්ගත්ත එක ගැන නම් හරිම සතුටුයි.
ඇත්ත ජීවත් වෙනව කියන්නෙ හුස්ම ගන්නවට වඩා එහා ගිය දෙයක්,
ඒ වගේමයි කියවනව කියන්නෙත් දකිනවට වඩා එහා ගිය දෙයක්,
ඒ නිසා අපිට කියවන්න අක්කෙ ඔයා දිගටම ලියන්න.