වැහි කිරිල්ලී

Tuesday, February 1, 2011

හා හා පුරා.......................

පරණ අවුරැද්ද ගෙවිලා ගිහින් අලුත් අවුරුද්ද ලබලා මාසයකුත් ඉක්ම ගිහින්.පහුගිය කාල සිමාව පුරාවට ම අපි ට අලුත් වෙන්න අලුතින් සිතන්න කියලා දෙන්න ලියුව සටහන් වලින් පත්තර පොත් පිරිලා තිබ්බා.මට හැගුණේ අපි කොච්චර කියෙව්වත් අපි අලුත් වෙන්නේ නැවුම් වෙන්නේ අත්දැකීම් එක්ක කියලා.ගෙවුණ දවස් 365 ඔබගේ ජීවිතයට බොහෝ අත්දැකිම් එකතු කරන්න ඇති. ඒ අත්දැකිම් තුළින් ජිවිතය ගොඩනගා ගැනීම තමා වැදගත්.හා හා පුරා කියලා අලුත් අවුරැද්දේ කියවු පොතක මෙහෙම සටහනක් තිබුණා

 
"ආදරෙන් මිනිස්සු ඇසුරැ කරන්න අමාරැයි.අපි ව වෙනස් කරන අපි ට එකතැන ඉන්න ඉඩ නොදෙන මිනිහ ම අපි පිළිකුල් කරනවා.ආදරෙන් අපි ව වෙනස් කරන ආදරය නිසා ම අපි ට එකතැන ඉන්න ඉඩ නොදෙන ගෑණු පිරිමි ශරීරත් අපි පිළිකුල් කරනවා. අපි ව වෙනස් නොකරන අපි ට එකතැන ඉන්න ඉඩ දෙන ගෑණු මිනිස්සු ම අපි වැළ ද ගන්නවා.සමහරැ ඒකට සම්ප්‍රදාය කියලත් නියනවා.අපේ ජීවිත වල ට ආශිර්වාද කරන අයව අපි වැළ ද ගන්නවා.ආදරය නිසා අපේ ජිවිත විවේචනය කරන අයව අපි ඈත් කරන්න උත්සහ ගන්නවා.අපේ ජීවිත වලට ආශිර්වාද කරන අපිට කැමති අපි ව වෙනස් නොකරන මිනිස්සු තුළ අපි ගැන විවේචනයක් නැතු වා නොවෙයි.ඔවුන් ගේ විවේචනය කියවන තැන දි අපි නැහැ."


ගැහැණු පිරිමි ශරීරත් එක්ක අපි කරන මේ මිනිස් ගණුදෙණු ව තුළ මේ වචන කොතරම් සත්‍ය ද කියලා මට හිතුණා.මේ මගේ ජීවිතයටත් පහුගිය සමයේ එක් වූ හොද අත්දැකීමක්.ඒ අත්දැකීම මගේ ජීවිතයට ප්‍රබල කම්පනයක් එකතු කළ ත් ඒ අත්දැකීමේ හැඩයට ගළපන්න වර්ණ සොයනකොට මට මේ පොත මුණ ගැහුණා.මේ වචන ඒ අත්දැකීමට අපූරැවට වර්ණ ගළපනවා.මිනිස්සු කැමති අපි කරන මිනිස් ගණුදෙණු ව තුළ ආශිර්වාදය ට ම විතරයි බොහෝ අවස්ථා වල දී.ආදරණිය විවේචන කියවන තැන අපි නෑ.අපි ලගින් ම අසුරැ කරන අපි අපි ව හොදින් තේරැම් අරන් ඇති කියලා හිතන ඇතැම් චරිත අපි ඔවුන් වත් ඔවුන් අපිවත් තේරැම් අරන් නැහැ කියලා හිතෙන්නේ මේ ආදරණීය ව්වේචන ඔවුන් භාර ගන්න විදිය දකිනකොට.මේ හරිම සරළ කියවීමක්.හැබැයි මේ කියවීම නොදැ න කළොත් අපි ට අපේ ජීවිතේ බොහෝ සම්බන්දකම් අහිමි කරනවා.ඒ නිසා වත්මන් සමාජය ඇතුළේ අපි ගණුදෙණු කළ යුත්තේ මතුපිට විතරක් ස්පර්ශ කරමින් ද කියලා හිතෙන අවස්ථා එමටයි. ඒත් එකත් සාදාරණ නැහැ. මේ ඇත්ත වටහා ගැනීම බෝහො වැදගත්. කෙසේ නමුත් ජිවිතය බොහොම කෙටියි.ගෙවුණ ජීවිතය මතකයක් ම විතරයි.සතුටින් අත්දැකීමෙන් පරිණතව යහපත් ව ජීවිතය ගත කිරීම තමා බොහොම වැදගත්.

1 comment:

ලහිරු said...

අපේ ජීවිතය ඇතුලේ සැඟවුන යථාර්තය හරියටම අවබෝධ කරගන්න පුලුවන් නම් ජීවත් වෙන එක මහ අමාරු දෙයක් නෙවෙයි කියලායි මටනම් හිතෙන්නේ...