වැහි කිරිල්ලී

Tuesday, February 23, 2010

න.ම.ස්.කා.ර.ය

පොඩිම දේටත් හිත රිද ව ගෙන
රිදුණු සිත හෙමි හෙමින් පිරිමැද
ජීවිතය මත සතුට අතුරන
හිමි සදුනි මට.... මහමෙරයි ඔබ..

නුඹ ගැබර මැද එළිය විහිදන
දහස් ගණනක් තරැ රටා මැද
එළිය දුන් මහ අදුර දුරැ කර
සකි සදුනි මට....සරා සද ඔබ..

සොයා මංපෙත් නොදැක දිවිමග
කතර නොම දැන රිදුම් දෙන සද
සිතට සැනසුම සෙවණ සලසන
හිමි සදුනි මට....නුගරැකකි ඔබ..

4 comments:

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

කල්පයක් පෙරුම් පුරා
සොයා ගත් නුඹේ හිමි සදු
තව කල්පයක් හිමිවෙන්න
පතන්නෙමි සුභිසිරි හදවතින්....

රන්දික කුලතුංග said...

කවිය නම් එල....

රන්දික said...

කවිය නම් එල....

වැහි කිරිල්ලී said...

ස්තූතියි