වැහි කිරිල්ලී

Saturday, February 20, 2010

සබරගමු කැටබිත.........

ගෑ හුණු දිය ව ගිය කළ විරිත්තන

පිළිබිඹු යථාර්ථය කුරැටු ගෑ
හද බිත්හි ආත්මාවලෝකනය,
                           ................සබරගමු කැටබිත................
මෙසේ පවසයි........

"වසුරැ පිඩක් වුව මසුරන් යැයි තලු මරන කෙළි තොල්ලන් කරනම් ගසන සමාජය සුජාත සරස්වතිය අභිසරැලියකට අන්දමින් සිටී.එහෙත් ඕ අංගවිකල කිරි සප්පයන් නොවැදුවා ය.ඇති පදමට පදම් වී තෙම්පරාදු වී සින්නක්කර දුක කරපින්නාගෙන නිවැරදි මගකට බට ඔවූහූ ලාබ , බාල , ලෝකෝත්තර ලෝකයෙන් පන්සල් බිමකට පය තබමින් සිටිති .එහෙව් පුනරාගමනයකදී හමුවන තොත්ත බබාලා ට කයියෙක් හෝ ගෝනී බිල්ලෙක් නොවී බබා වචනයෙන් ම හාදකම් පෑවේ මේ කලියුගය බැවින් මය. එහෙව් යුගයක වෙසෙන සද සිතට තනිකම දුක , තැවුල , වැඩි ඈතක නොවුණි . ඉන් විඩාපත් ඔවුහු ඒවා අපූර්ව ආකෘතීන් යොදා අකුරැ කරන්නට වූහ .කාලයා එයට "සරසවි කුරැටු ගී"යැයි නම් තැබීය .හුදෙක් එහි වන සෑම පද්‍යයකම නොව අකුරැ කළ සියල් කදුළකම , සුසුමකම , හසරැල්ලකම පවා වන්නේ මහමෙරක මනුෂ්‍යත්වය ගැබ් වූ කතාන්දරයයි . "

පසුගිය දා සබරගමු විශ්ව විද්‍යාල භූමියේ දී කලඑළි දැක් වූ කළමනාකරන අධ්‍යයන පීඨයේ රැවන් ජයසිංහ ගේ සබරගමු කැටබිත සරසවි කුරැටු ගීයට එසේ නිවදන් සපයන්නේ ය .බාහිර සමාජයට නිරාවරණය නොවූ බිහිදොර අභිමුව විලාප දෙන සිතුවිලි වල දෝංකාරය යථාර්ථවාදී විශ්වයට වර්තනය උදෙසා සබරගමු කැටබිතෙන් බිදක් මෙසේ වැහි කිරිල්ලිය මත සටහන් කළෙමි .මේ තුළ ඇත්තේ දුක , කදුළ , සුසුම , ආදරය , හසරැල්ල , හාස්‍යය ද මුසු වූ මිනිස් ජීවිතයන් හී පණ ගැහෙන ජීව අංශු බව කිව යුතු මනාම ය.සසැදීම , විචාරය , විවේචනය ඔබ සතු අයිතිය වන්නේ ය.ඔබ මේ සංස්පර්ශ කරන්නේ සබරගමු සරසවියෙ බිත්ති , ඩෙස් පුටු , ලී කුටි මත ලියවුණ අපගේ , පෙර මෙහි විසූ ඔවුන් ගේ ජීවිත කතාව යි.

01.කදුළ ඉකි ලා
     තෙමී අස්වනු
     පුරන් වූ වග
     කාට කියමි ද?

02.හැන්දෑවේ වලාපෙළ ඇවිදින්
     ඉර අහසෙ හැංගුව ම
     සියපතක් මියැදෙන්නේ කොහොමද
     ඔය හැටිම සන්සුන්ව
     හීන් සුළගක් ඇවිත් සීතල ට
     මල් පෙතිත් රිදවද්දී සීරැවට
     නටුවකට හිමිවුනේ කොයිබින්ද ඉවසිල්ලක්
     මේ හැටිම සියපතක් නටුවක් සේම
     සන්සුන්ව දුක දරාගත්තා ට
     ගෙවන්නෙ කෝම මේ ජීවිතය.....................

03.ශිෂ්‍ය . හෙට ගෙදර යනවා
     බලේ අණ . බෑ හෙට කැටයක් තියනවා
     ශිෂ්‍ය . අනිද්දා යනවා
     බලේ අණ . අනිද්දා පිකට් එකක්නෙ
     ශිෂ්‍ය . ලබන සිකුරාදා ගිහින් සතියක් ඉන්නවා
     බලේ අණ . එහෙම කොහොමද -?කලා උළෙල කරන්නෙ අපිද?

04.රජකම ගන්නට රජ ගෙදරට ගියයි සිතූ
     අම්මා දනී නම් මේ සරසවියෙ තතු
     ගෙන ගොස් බොහෝ ‍කල් මේ දුක් විදින පුතූ

05.උන්......
     කැට හොල්ලලා
     පිකට් කරල
     අපෙ ලෝකේ ගෙනාවදෙන්
     එතකන් අපි
     ලෙක්චර් යමු.
                           - කුහක ආත්මාර්ථකාමියා -

06.අව්ව සැරද ? නෑ එළියයි......

07.නිතර සිනාසෙන යුවතියට..........
     බර නැද්ද
     නුඹට ඔය
     වෙස් මුහුණ...

08.හිතුවෙ ලස්සන දවසක්
     ඒත්
     ඔයා ඔතන අල
     මම මෙතන මල

09.හිරිකටු ඔයට පෙම් බැදි
     හා ගල ද මා ලෙසින් තනි වී
     සිටිනවා ඈතක ට වී බලා
     දයාවියෙ ගොළු කරන් සෙනෙහස............

10.පාළු සීතල ගොම්මනේ
     දොරක් ළග කළුවර වුණත්
     ගෙට අරන් එයි මුදු සහන් පත්
     ගල ගාන රෑ සදේ රැස් හෙට
     මල් පිපුණු රග නොදැන රැව විද
     පයින් පර මල් පළු කරන් අද
     පියලි පියලෙන් බිදින ඉක්ම
     තැනිය හැකි නොවේ තව මලක් හෙට................

6 comments:

ශාකුන්තල said...

හොඳම නිර්මාණ බිහි වෙන්නේ ඔය සරසවි බිත්ති... ඩෙස්ක් බංකු වලින් තමයි... ඒ වුණාට ඕවා පිරිසිදුව මතු පරපුරටත් පාවිච්චි කරන්න ඉඩ සලසල දුන්නොත් නරකද? ආ....! දැං ස්වයං නිර්මාණ කළඑළි දක්වන්න බ්ලොග් තියෙනව නෙව... මොකටද රජයෙන් නොමිලේ දෙන පහසුකම් නාස්ති කරන්නේ...? :P

ජයනි said...

තරහ වෙන්න එපා මෙහෙම කීවට.blog එකක ලියන කුරුටු ගී රස නෑ.

ශාකුන්තල said...

ම්ම්.... ඒකෙත් ඇත්තක් තියෙනව වගේ...

ඇත්ත තමා... ඩෙස් බංකු බිත්ති අස්සේ උපදින සිතිවිලි ඒ තැන්වලම ලියල දැම්මාම තමයි කියවන කෙනාට දැනෙන්නේ. :)

මම නම් කවි ලියන ටයිප් එකේ නෙවෙයි. කවියක් රසවින්දත් ඒකෙන් මගේ හිතේ ඇති වෙන දේ මම බාහිරයට පෙන්නන්නෙ නෑ. මම හැර වෙනත් කෙනෙක් මාව විස්තර කළොත්, අසංවේදී පුද්ගලයෙක්. ඒ නිසා කවි වල හරය ගැන මගෙන් no comments. :)

ජයනි said...

හැම කෙනෙක් ගෙම අැස් අගට කොයි මොහොතක හරි කදුලක් එනවා.එ හැම කෙනාම සංවෙදියි.ඔයත් එ වගෙ.සංවෙදි කම ඔයා තුල ම හැංගිල අැති.එක හොයා ගන්න.සංවෙදී ව ජීවත් වෙන එක හරි අපූරැයි.ජීවිතෙ විදින්න.අත අරින්න එපා.

sandika said...

මෙක අපෙ සබරෙ කොල්ලෙක් කරපු වටිනා වැඩන් විදියටි මම දකින්නෙ.හොද නිර්මනයක්.මෙකෙ කර්ථෘ කලා පීඨයක නොවීම තමයි අනික් වැදගත්ම දේ.මේ mgt faculty 1 කෙනෙක්.

ජයනි said...

කලාව පිහිටන තැන ඒතරම් වැදගත් නෑ.පුද්ගලයයි වැදගත්.