වැහි කිරිල්ලී

Thursday, February 18, 2010

වැහි කිරිල්ලි........

කුරැලු ලෝකෙ වැහි කිරිල්ලී ගැන කියවෙන්නෙ බොහොම අඩුවෙන්.blog එකට නමක් හිතද්දි මේ නම මතකයට ආවේ අහම්බෙන්.අවුරැදු 21ක් ජීවත් වුනාට වැහි කිරිල්ලි ගැන දැන ගත්තේ ඊයේ පෙරේදා.වැහි කිරිල්ලි බොහොම ආඩම්බරයි ලු.අනික් කුරැල්ලෝ තිබහක් ආවහම දිය කඩිති ,මඩ කඩිති වලින් පිපාසාව නිවා ගත්තට වැහි කිරිල්ලි එහෙම නෑලු.අහසින් දිය පොදක් වැටෙන කල්ම බලාගෙන ඉන්නවා පිපාසාව සන්සිදුව ගන්න.මේ හැම දෙයක්ම මට කීවෙ ජීවිතේ මට හමු වුණ අපුරැ මිනිසෙක්.ජීවිතේ නොමි‍යෙන ලෙසට තැන්පත් වුණ එ කතාව නිසයි blog එක ලෝකේ දාහක් වචන අතරින් වැහි කිරිල්ලි වුණේ.වැහි කිරිල්ලී හා මම එක්ක බැදුණ තව අතුරැ කතා තිබ්බත් වැහි කිරිල්ලී ව තේරැම් ගන්න මම ඉඩ හරිනවා.කවදාහරි නිදහස් මොහොතක මේ පද අතරේ හැංගුන කතාව තේරැම් ගන්න.


වැහි කිරිල්ලි........
අහස රිදවා කදුළු ඉල්ලා
කෑ ගසා හඩනා
දුර අහසේ සැරිසරනා
සසල කර සිත නැගෙන දුක් ගී
හඩ හඩා ගයනා
ඔබයි මා සිත අහසේ රදනා
වැහි කිරිල්ලී........

මොහොතක ට හෝ අවසානයේ
පිපෙනු දුටුවෙමි
සෙනෙහසේ
අසෙනිය මල්........
කෙසේ නම් මා ඔබ රකින්න ද
ලියු කවිකම් නෙතු බරද මේතරම්........

උදා නොවුවද වස්සානයේ
පිපෙනු දුටුවෙමි
සෙනෙහසේ
අසෙනිය මල්........
කෙසේ නම් මා නොවිද යන්න ද
සුවද මල් නම්
සිත වසග වෙනවා නම්........

පද ඉන්ද්‍රසිරි සුරවීරගේ......                                               

13 comments:

සිතිජ සහන් හසාර හේවාගමගේ said...

හායි මම පළමුවෙනි වතාවට තමයි ඔයාගේ බ්ලොග් එක දැක්කේ. බ්ලොග් එක නම් නියමයි. මොකද sinhalabloggers වලට දැම්මේ නැත්තේ.

සු said...

නංගී ඔයාගෙ බ්ලොග් එකේ අකුරු චුට්ටක් ලොකු කරලා බලන්න කැමති නැද්ද ? :-)

Anonymous said...

මාත් දැන ගත්තේබ් දැන්නේ, වැහි කිරිල්ලී ගැන. ස්තූතියි නංගී..

වැහි කිරිල්ලී said...

ස්තූතියි comment වලට.campas ඒකෙ subject ඒකක project ඒකක් විදිහට තමා blog ඒක පටන් ගත්තේ.ඒත් blog ඒක කරගෙන යද්දී දැනෙනවා අපිට බෙදා හදා ගන්න ගොඩක් දෙවල් තියෙනව කියලා.අඩුපාඩු හදා ගෙන ඉස්සරහට යන්න බලන්නම්.දිගටම වැහි කිරිල්ලිත් ඒක්ක ඉන්න.ඒක ගොඩක් ලොකු හයියක් වෙවි ඉස්සරහට මට.

GNS said...

කැම්පස් වල project වලට බ්ලොග් හදන්නත් තියෙනවද? :D

වැහි කිරිල්ලී said...

ගයන්ත-මගෙ minor subject ඒක computer.1 වෙනි project ඒක blog ඒක හදන ඒක තමා.

GNS said...

එතකොට Major Subject එක් මොකක්ද? o_O

වැහි කිරිල්ලී said...

ගයන්ත- major subject එක economics

වැහි කිරිල්ලී said...

සිතිජ මල්ලී ස්තූතියි

sandika said...

ගොඩක් හොදයි වැඩෙ.මම wish කරනව ඉදිරි සාර්තකත්වයට.මමත් 1ක් පටන් ගත්ත.හැබැයි ඒක තවම ප්‍රාතමික අවදියෙ තියෙන්නෙ.

වැහි කිරිල්ලී said...

sandika-ස්තූතියි.ඔයාගේ blog එකත් දිගටම ලියන්න.

Anonymous said...

mage jivitha gamane ahabu nawathanaka natawada sithin kiyawapu charitha athlosse inna vahikirilliya hanthanayata wada punchi addara kanata hithata barai neda

Jay said...

මම පළමුවෙනි වතාවට ඔයාගේ බ්ලොග් එක දැක්කේ. wish කරනව.
:)