වැහි කිරිල්ලී

Thursday, February 18, 2010

ගෙවුන දිනක් ගැන මතකයක්........

පසුගිය දා අපේ අය ආදරවන්තයන්ගෙ දිනය සැමරැවා.සුපුරැදු විදිහට ම ආදරය එක දිනකට විතරක් සීමා කරන්න පුලුහන් ද කියන කතිකාවත් මේ සතිය පුරාවට ම අසන්නට දකින්නට ලැබුනා.මොන කතා කොයි විදිහට කළත් ආදරය ආදරයම යි.ආදරය කියන්නේ ජීවිතයේ ආත්මීය බව සංවේදී ව සංස්පර්ශ කරන පුදූමාකාර සිතිවිල්ලක් බව නම් අවිවාදිතයි.ආදරේ නමින් අවුල් වෙන ජීවිත දකින ඇසෙන අනු සංස්කෘතියක ජීවත් වෙන මට නම් හැගෙන්නෙ ආදරේ පුදූමාකාර සංයමයකින් සහ ඉවසීමකින් සිදු කළ යුතු කැප කිරිමක් ලෙසට බව නොකියා ම බැරි ය.කෙසේ මුත් පසුගිය 2010.02.14දා නර්මදා තරංගි මාතරගේ නමින් ඉරිදා ලක්බිමේ පිටු අතර සැගවිලා තිබ්බ මේ කවි පදයන් හි පිළි රෑ ඔබගේ මගේ යැයි හැගෙන තරම් සමීප බවකින් එය ගෙත්තම් කරල තිබ්බා.


මේ මහා නුඹ ගැබර මැද
පෑයු රන් තාරකාවක් ලෙස
දුකදූලු පිරැණ මගේ හදවත ට
නුඹ පෑයුවේ හරි අපුරැවට........

ඔය දෙනෙත් අද්දර දැහැන්ගත
මසිත ඇහැරැනෙ හෙමි හෙමිහිට
සෙත් කවක් වැනි හදවතේ මැද
මා නමින් මැදුරැ තැනුනිද පුදුමයි මට........

ජීවිතෙ බොහෝ දුර ගෙවා පැමිණුන
තනි මගෙ රිදුම් බොහොමයි නොපෙනෙන
මගෙ හද හා සම සමව යන්නට
නුඹ නිමැවුනේ කෝමැයි පුදුමයි තවම මට.........

අතැර දා මහ පාර අද්දරින් හැරී බොහෝ දුර
යන්නෙපා තනිවෙවි අදුරේ මගෙ හිත
රන් ඔටුනු නැතත් කම් නැතිද පළදන්න
හිත පිරැන සෙනෙහස විදින්නට ඉඩදෙන්න........

3 comments:

.::පිස්සා::. said...

නංගී, ඔයාගේ බ්ලොග් එකේ සමහර අකුරු හරියට පේන්නේ නෑනේ..
පොඩ්ඩක් කාටහරි කිය්ලා හදා ගන්න..

රන්දික said...

මම හිතන්නෙ ඔයා හරි.අාදරය ඒක දවසකට සීමා කරන්න බෑ.ඒක සමරන්න 1දවසක් තිබුනට වැරද්දක් නෑ.අපි කොච්චර කල් ජීවත් උනත් අපෙ උපන් දිනය සමරන්නෙ අවුරැද්දකට ඒක වතාවයි.අාදරය ඉවසීමෙන් සහ සංයමයෙන් කරන්න ඔ්නි කියන අදහසට මම ඒකගයි.ඔයා ලස්සනට ලියනවා.තව ලියන්න.

ජයනි said...

රන්දික-ස්තූතියි