වැහි කිරිල්ලී

Thursday, November 3, 2011

ඉරිතැලුණ ආදරය...................


විමසීය මම
දිනෙක
ආදරේදැයි කෙ‍තෙක්

සවන්පත් වැකිනි
ආදරේයැයි
මේ විසල් මහ පොළොව මෙන්

තුටුවුණා මසිත
මල් පිපෙන හසරැල් නගන
මිහිකත ම තිළිණදෙන
වසත් ඉම සිහිපත් ව

අමතක ව ගිය අරැම
දිනෙක ඉරිතලන වග
මේ විසල් මහ පොළොව


12 comments:

සරත් ගුණතුංග said...

ආලය ආදරය ප්‍රේමය පෙම්වති ය
සුරංගනාවිය, මගෙ සුදු කිරිකැටි ය
මේ හැම වචනයක් හෙට වෙනසක් වේ ය.
අද වුනු පොරොන්දුව හෙට අමතක වේ ය.

දිල් said...

ආදරය...දකින්න පුළුවන්නම්... මුදු වියැකෙන වචන වලින් තොර හදවතින්....

නදී said...

සරත් මහත්තයා ඒක නම් ඇත්ත තමා.

ටී.බී. හේරත් said...

වියැලී ගියත් මහපොළොව ඉරිත           ලා
නැවතත් වැසි වසී යන්නට දෙගොඩ ත    ලා
පුහුදුන් ලොවක මේ අරුමෙට මුලා වෙ    ලා
මිනිසුන් හඬයි හිනැහෙයි යලි කඳුළු ස    ලා

Dinesh said...

ලස්සන සංකල්පනාවක්...

෴සොඳුරු සිත෴ said...

අහම්ඹයෙන් නෙත ගැටුනා
නමුත් මගේ සිත ගත්තා
යළි එන්නට මේ පැත්තේ
නුඹව මාර්ක් කර ගත්තා

අහඹු ලෙස මුණ ගැහුන ලස්සන බ්ලොග් එකක්...ඔන්න මාත් ෆලෝවර් වුනා.

Anonymous said...

අක්කේ එතකොට
ගෑල් ළමයි පබහින්නේ කාලගුනේ වගෙයි
ආදරය සමනල වැව වගේයි.

Anonymous said...

http://www.cinelanka.net/

ටී.බී. හේරත් said...

අළුත් අවුරුදු සුභපැතුම...

ලහිරු said...

හරියට නිකං ඉරි තලාගිය සමනළ වැව වගේ නේද! ආදරේ ඉතිරෙන කාලෙට සමනල වැව වගේ ම ලස්සනයි, ඒත් නියං කාලෙට?

වැහි කිරිල්ලී said...

aththa lahiru e wage thama

CD / DVD Prints said...

ආදරෙන් මල්, කඩන ඔබ මම
කෑදරෙන් පෙම්, සුවඳ ලද සඳ
නිකං හරි හිතුණාද අපහට
ඇණෙන බව කටු, විරහ ලඟදිම