වැහි කිරිල්ලී

Wednesday, September 21, 2011

චෝදනාව......................පිළිතුරැ

පහුගිය දවසක මට චෝදනාවක් නැගුණා.මේ චෝදනාවට පිළිතුරැ දෙන්න ලොකු උවමනාවක් තිබ්බත් ඒ චෝදනාවට පිළිතුර ම මට හරස් වුණා.
            මිනිසෙකුගේ අභ්‍යන්තරය සහ පිළිබිඹු වන යථාර්තය
මිනිහෙකු ට වර්තමාන ලාංකීක සමාජය ඇතුළේ තමන්ගේ අභ්‍යන්තරයයි, පිළිබිඹු යථාර්තයයි දෙකක් නෙවේ එකක් කරගන්න පුළුහන් නම් ඒක ලොකු ජයක්. මොකද එහෙම ජීවත් වෙන්න බැරිතරමට සමාජය සංකීර්ණ වෙලා. මේ සංකීර්ණ සමාජ රාමුව ඇතුළේ විපරීත වුණ මිනිසුන් සමහරක් තමන්ගේ ගදගහන අභ්‍යන්තරය පිළිබිඹු යථාර්තයක් විදිහට පෙන්නුම් කළත් සහසක් සුවදැති මිනිසුන් ට නම් මේ පශ්චාත් ධනවාදී සමාජ රටාව ඇතුළේ මේ චරිත දෙක එකට ගළපන්න අමාරැයි. ඇයි මම එහෙම කියන්නේ? ඒක බොරැද? මට මේ චෝදනාව කරන්නේ කලාකරැවෙක් නිසා මම කලාවෙන්ම උත්තර දෙන්නම්.
            මේ සමාජය විවරණය කරන සමාජය ගැන යථාර්තවාදී සාධාරණ විවේචන තියෙන මිනිසුන් විශේෂයෙන් ම කලාකරැවන්, උගතුන් ඇයි මේ සමාජය ඇතුළේ නිහඩ?? අක්ෂරය, තනිතටුවෙන් පියාඹන්න වැනි සමාජ චිත්‍රණ විලංගු ලද්දී ඇයි සමාජය තුළ කතිකාවතක් බිහිනොවන්නේ?? කුලය මත පදනම් ව ඉපදීම නැමැති සර්ව සාධාරණ කරැණ මත පදනම් ව අන්ත අසාධාරණ ලෙස මනුශ්‍යයන් ලෙස ජීවත් වීමේ අහිමි කරන ඉන්දීය සමාජයේ ඒ යථාර්තය හෙළි කරන ප්‍රකාශ්ගේ  අරාක්ෂම් චිත්‍රපටය තහනම් වෙනකොට ඇයි ඉන්දියාවේ බහුතර පිරිස ඇයි නිහඩ??තමන්ගේ ආත්ම ප්‍රකාශනය තමන්ගේ හදවතේ ම තදකරගන්නවා ඇරෙන්න ට ඒක කෑ ගහලා කියන්න මේ සමාජයේ ඉඩක් තියනවද?? වසන්ත ඔබේසේකරගේ ආගන්තුකයා චිත්‍රපටය කතාකරන්නේ මේ යථාර්තයට.ආත්ම ප්‍රකාශනය යථාර්තයක් කරන්නට වෙර දරන මිනිසුන් ට වත්මන් ලාංකික සමාජය උරැම කරදෙන දුක්බිත ස්වභාවය සහ ඒ මත අනිකුන් සිදු කරන මුග්ධ හරඹය.
            අද ඔබගේ නාලිකාවත් ඇතුළත් ව සෑම ජනමාධ්‍යයක් ම පාහේ මර්වින් සිල්වා සතුන් නිදහස් කරන පුවත ඉහළින් වර්ණනා කරනවා.විශ්වවිද්‍යාලය තුළ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන, ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කතා කරන කී දෙනෙක් අද ෂා මර්වින් මාර මිනිහෙක්  කියලා කීවද?? මේ සමාජය අද මර්වින් ට වදිනවා.ඒ චරිතයට වීරත්වය ආරෝපණය කරනවා. හැබැයි මේ පිළිබිඹු යාථාර්තය යට හැංගුන ගදගහන අවනීතිය දුෂ් චරිතය මේ මවුබිමට සිදුකරන විනාශය සහ සැබෑව දකින්නේ කීයෙන් කී දෙනාද??
            ඇත්ත කතාව මේ සමාජයේ යම් මොහොතක මමත් නළුවෙක් වෙන්න ඇති.හැබැයි මම රෑකඩයක් නෙවේ.චෝදනාවට මම එකග නෑ.ප්‍රතික්ෂේපිතයි.

4 comments:

Anonymous said...

චෝදනාව ගැන නම් මම දන්නෙ නෑ. ඒ වුණත් ඔබේ ලිපියට මම සම්පූර්ණයෙන්ම එකඟයි

KC said...

තමන්ගේ අභ්‍යන්තරයයි, පිළිබිඹු යථාර්තයයි එකක් කරගන්න එක ප්‍රයෝගිකව් කරන්න බැරි දෙයක්. ඒක ඔයාටත් පොදුයි.
සමාජය අනුමත කරන්නේ මර්වින්ව නෙමෙයි. ක්‍රියාව විතරයි.

ටී.බී. හේරත් said...

චෝදනාව හා අදාල සිද්ධිය නොදනිමි. එබැවින් ඒ සම්භන්ධයෙන් අදහසක් ප්‍රකාශ කළ නොහැක.

මිනිසුන් නිර්වානාව බෝධය කරන තුරුම මමත්වය පවතින නිසා එතෙක් ම මිනිසුන්ගේ අභ්‍යන්තරය හා භාහිරය අතර අන්තරයක් පවතී.

කවුරු උනත් කරන හොඳ දේවල් හොඳයි, නරක දේවල් නරකයි.

අයිමෝ said...

වර්තමනයේ අප බොහෝ දෙනා කරනුයේ ඉල්ලන දෙය දීම හෙවත් සමාජ අවශ්‍යතාවාන් වෙනුවෙන් පිළිබිඹු යථාර්තය පවත්ව ගනීමයි,මේ යුගය තුල තව දුරටත් සැබෑ අභ්‍යන්තරය විකිනිය නොහැක.අපිදු මෙහි සිරකරුවො වෙමු.ඉදිරියෙදී මාධ්‍ය මගින් මර්වින් සෝවාන් වුවා යැයි කී විට අපිට ඉතිරිව ඇත්තෙ සාදු කාර දීම පමනි.සියල්ල විකිණී හමරය.........