වැහි කිරිල්ලී

Thursday, July 7, 2011

ආදර කදු තරණය කර........

පේරාදෙණියට හන්තානය වගේ බෙලිහුල්ඔයට ආදර කන්ද.ඉස් ඉස්සරලාම කැම්පස් එකට එන බැජ් එකක් එකට එකමුතු ව කරන පළමුවන දේ තමා ආදරකන්ද නගින එක.ජීවිතේ එක් වරක් පමණක් ලබාගත හැකි සදාඅනුස්මණීය සිදුවීමක් මෙය. මගේ ජීවිතෙත් මම හැමදාම මතක තියාගන්න දවසක්. ආදර කන්ද ජීවීතේ කවදාවත් තනියම තරණය කරන්න බෑ.පිරිසක් ඉන්න ම ඕන.ඒ ලබන අත්දැකීම ජීවිතේ ට හරි ම වැදගත්. මේ අපේ බැජ් එකේ ආදර කදු තරණයේ දී හමු වුණ සොදුරැතම සේයා රෑ කිහිපයක් ඔබේ වින්දනයට.ආදර කන්ද උඩටම නැග්ගම පුදුම ලස්සනයි. සමහර විට ඔබට ජීවිතේ කිසිම දිනක මේ අත්දැකීම විදින්න නොහැකි වුනත් මේ මතකය ඔබේ හදවතේ සැමදා රැදේවී.
(අපි ආදර කන්ද නැග්ගේ හරියට ම 2009. 02 . 14 ආදරවන්තයන්ගේ දිනේ දා. ඒකත් සුවිශේෂි. ජායාරෑපයන් හි දිනේ පුංචි අතපසුවීමක්)











15 comments:

නදී said...

හරිම ලස්සනයි පින්තූර ටික.
මම් අහල තියන විදියට බැජ් ට්‍රිප් එක ගිහින් එද්දි ගොඩක් අයගෙ ආදරේත් පටන් අරගන්නවලු.
මටත් අවුරුදු 4ක විතර මතකයක් තියනව.මගෙ අය්යත් හිටියෙ ඔයාලගෙ කැම්පස් එකේ,ඒත් මට කැම්පස් එක බලන්න එන්න නම් බැරිඋනා.

සමනල වැව පුරවන්නට - බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර - දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

මේ සිංදුවට මම් ගොඩක් ආසයි.

වැහි කිරිල්ලී said...

නදී
සතුටුයි විස්තර දැන ගන්න ලැබුණට අක්කා.ඇත්තමයි පුදුම සුන්දර මතකයක්.අපේ බැජ් එක කන්ද නැග්ගෙත් ආදරවන්තයිගේ දිනයෙමයි.පුදුම ලස්සනයි උඩටම නැග්ගම. ඒ වගේමයි ඔයා කිව සිංදුව.පුදුම විදිහට හිතට දැනෙනවා.

Raj said...

ඇත්තෙන්ම හරිම සුන්දර පින්තුර ටිකක්....කන්ද දැක්කම නගින්නම තමයි හිතෙන්නේ...
හුඟක් වෙලාවට කොල්ලෙක් කෙල්ලෙක් ආදරෙන් බැඳෙන්න ඔයවගේ අවස්තා ගොඩක් ඉවහල්වෙනවා..
" කොල්ල තමන්ගේ හිතට සෙට් වෙච්චි කෙල්ලගේ අවදානේ තමන් වෙත දිනාගන්ඩ හොඳ උත්සහයක යෙදෙන වෙලාවක් මෙක. ..."
ඒ වගෙම මෙවගේ ටිම් වක් එකක යෙදුනට පස්සේ,...සෙට් එකම බොක්කෙන්ම සෙට්වෙනව...... පාඩම් කරන්න....,සටන් කරන්න..ඔය ඔන එකක කට...( සහොදරත්වයේ බැඳිමක මුල් පියවර තමයි ඔය....)

පුතා said...

ආහ්.. ආදර කන්ද කියන්නේ ඇත්තටම තියෙන එකක්ද.. මම හිතුවෙම දිවුල්ගේ සිංදුවේ තියෙන්නේ නිකන් ආදරේ කන්දක් වගේ කියන අර්ථෙන් ආදර කඳු තරණය කර කියන්නේ කියලා.. බලාගෙන ගියාම මම චාටර් වෙලානේ... කොහොම වුනත් මමත් ඔය සිංදුවට මාරම ආසයි..

බස්සා said...

දැන් නදී නැග්ගේ කාත් එක්කද...එහෙම නැත්තතං බහිනකොට කව්රැහරි එක්ක බැස්සද ?

බස්සා said...

වැරදි නොම්බරයක්... ඇත්තටම නදී නෙමෙයි වැහි කිරිල්ලීටගෙනුයි මං අහපු ප්‍රශ්ණේ අහන්න ඕනේ උනේ... හික්ස්...

ටී.බී. හේරත් said...

හන්තාන නම් තරණය කරල තියනව, ඒත් ආදර කඳු නම් තරණය කරල නෑ. මේ කන්දත් ටිකක් හන්තාන වගේ තමයි. හරිම ලස්සනයි මීදුමත් එක්ක තියන පින්තූර ටික. ස්තූතියි මේ පින්තූර අපිත් එක්ක බෙදාගත්තට.

වැහි කිරිල්ලී said...

ටී.බී
පුලුහන් වුණ වේලාවක යාලුවෝ එක්ක නැගලා බලන්නකෝ හොදද?

පුතා
සිංදුවට පාදක වෙලා තියෙන්නේ ඇත්ත කතාවක්.ඒක සබරේ ගොඩක් අයගේ කතාව

බස්සා
මගේ වේලාව හොද නෑනේ බස්සා.බැජ් එකේ පිරිමි ළමයි 45ක් විතර ගෑණු ළමයි 150කට වැඩියි.
මම තනියම කොණක ඉන්නවා.බලන්නකෝ.හැබැයි කන්ද නැග්ගට පස්සේ සීනියර්ස්ලා දුන්න පාර්ටිය නම් නියමයි.

වැහි කිරිල්ලී said...

කියන්නම ඕන සමණළ වැව පුරවන්න ට සිංදුව ලීවේ වැහිකිරිල්ලී ලියපු ඉන්ද්‍රසිරි සුරවීරමයි...

වැහි කිරිල්ලී said...

කියන්නම ඕන සමණළ වැව පුරවන්න ට සිංදුව ලීවේ වැහිකිරිල්ලී ලියපු ඉන්ද්‍රසිරි සුරවීරමයි...

බස්සා said...

දැක්කෙමි දැක්කෙමි......තනිවු කුමාරිකාව....හික්ස්.. පවු මෙයා...බයවෙන්න එපා... තාම නැව අළුත්නේ... තව ටික දවසකින් හරි යයි....

බස්සා said...

වෙලාවක් තිබුනොත් මේ පැත්තේ ඇවිත් යන්න..
http://jbasnayaka.blogspot.com/

වැහි කිරිල්ලී said...

බස්සා

අනිවාර්යෙන් ම එනවා. මොන අලුත් ද???? අනේ මේ මතකය අලුත් කරගැනීමක්.2009 photo

doowili said...

කදු මුදුනකදි හමුවී...
වෙන්ව ගිය හදවත්හි රැදි....
කදුලු බිදු ,
දහසක් නෙත් තෙමා රෑරා වැටේ නම්....
ඒ කදුලු බිතිති ම....
සමනල වැව තරමටම විසල්.

මතක ගබඩා පුරවාලන්නටම
තැත් දරයි නම් ....
ඒ මතක වක්කඩම බිදී...
හමා ගිය සෝ සුසුම්
කදු අතර වළා රොද,
කුලෙන් කුල ගැටෙයි නම්....
කදු කපා පායා විත්,
අතරමං වි‍‍‍‍‍‍......
සිටින බව දැන දැනත්
පහන් තරැවක් බලා යන්නට
ඉදහිටලා පැමිණියත්
ඉහිරී ගිය මතක සටහන්
තව තවත් ජීවත් කරනවන්න....
හුරැ පුරැදු සුවදට ම ......
මල්දම් පළදවන
ඔබ හැමට තුති!!

කතන්දර Kathandara said...

Badge = බැජ් = පදක්කම
Batch = බැච් = කණ්ඩායම