වැහි කිරිල්ලී

Thursday, May 20, 2010

එක හැගීමක්.............

ගොඩක් ලොකු වේදනාවක් දැනෙන මොහොතක්.මේ වේදනාවට හේතු සහ පිළිතුරැ නෑ.ඇස් අගින් කදුලු කැට කඩා වැටෙනවා.ඒ කදුලු හරි සීතලයි.ඒත් කිසිම අරැතක් නෑ.මේ අඩන්නට වෙලාව නෙවෙයි.විභාගය අත ළග.ඒත් ජීවිතය වේදනාබර සීතලක කිමිදෙන විට ඉන් මිදෙන්න ට මට හැකි ද?


අපි ජීවිතයෙන් ඉල්ලන සමහර දේවල් හරිම ආත්මාර්ථකාමී යි.මේ දේ මේ විදිහට ම වෙන්න කියලා ඉල්ලලා එහෙම නොවුනම ගොඩක් හිත රිදවා ගන්නවා.ඒත් අපි ඉල්ලන දේ ඒ විදිහටම අපට ලැබිය යුතුම ද?ප්‍රශ්නයක්....අහිමි වීම සිතට ඇතිකරන වේදනාව බොහොම අමිහිරියි. මේ අහිමිවීම ඒ තරම් ලොකු දෙයක් නෙවේ. ඒක එක හැගීමක් විතරමයි.just a feeling.ඒත් ඒ එක හැගීම වෙනුවෙන් ජීවිතය බොහෝ සීතල මතකමල් පුබුදුවන හැටි.

5 comments:

Pasan said...

සීත වැහි මතින්
​මවන්නට නුඹෙ රුව
හිරි පොදට අස්සෙන්
එනවද තවත් එක් වරක්
පිසදන්න
නුඹ නමින් මේ හෙලන
කදුලු මුතු

.::පිස්සා::. said...

හ්ම්ම්ම්...
ඉස්සෙල්ලා විභාගේ ගොඩ දාගෙන ඉන්නකෝ..
පස්සේ ඕවා කියන්න..

හෙළයා said...

අපි ජීවිතෙන් මොනවා ඉල්ලුවත්, ජීවිතේ අපිට දෙන්නේ හොඳම දේ, හොඳම විදිහට කියලා හිතෙන්නේ නැද්ද ?. ඒත් සමහර වෙලාවට ඒ දේ අපිට වේදනාකාරීයි.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ඔය වගේ අත්දැකීමක් මටත් තිබුණා මා විශ්ව විද්‍යාලයේ අවසන් වසර විභාගයට පෙනී ඉන්න තිබෙන විට ඔය කියන විදියේ ජීවිතයේ අහිමීවීමක් සිද්ධවුනා අපි ඇත්තටම මනුස්සයෝ විදියට බැදීමි වලදි ආත්මාර්ථකාමී ඒක ස්වාභාවය ඉතින් ඒ බැදීම් අපිව දාලා යනකොට අපේ ආත්මය මියැදෙනවා. හැබැයි තාවකාලිකයි අන්න ඒ දේ අපි තේරුම් ගන්න ඕන ජීවිතේ අහිමි වෙන දේවල් හැමදාම අහිමි වෙන්නේ නැ කවදාක හරි ඒ දේවල් නැවත හිමිවේවි...

රවා said...

තාත්තා අපිව අතහැරලා යද්දි කැම්පස් එකෙ පලමු වසර විභාගෙට දවස් දෙකයි. මට මෙක දරා ගන්න කොච්චර අමාරු දෙයක් උනාට මම දුක් වුණෙ නැහැ. තිබෙන හැම බලාපොරොත්තුවක්ම එක එක කාඩාගෙන වැටෙද්දි බොහොම සන්සුන්ව ජිවත් වුණා, සල්ලි නැති වෙද්දිත්, සල්ලි අතෙ තියද්දිත් එක හා සමාන සැනසිමක්, සතුටක්, දුකක්, ලැජ්ජාවක්, තරහාව එක හා සමානව මිශ්‍ර වුණු හදවතක් තුලින් ලොකය දිහැ බලන් හිටියා, වෙදනාව බොහොම මිහිරි දෙයක්, එය මනාව විඳ ගන්න පුරුදුවෙන්න ඔනා. සුභ අනාගතයක් ඔයාට.