වැහි කිරිල්ලී

Sunday, May 16, 2010

මතක දිගහැරැම.........

වැස්සක් වැහැලා පෑයුවා.එසේ මෙසේ වැස්සක් නෙවේ.ධාරාණිපාත වැස්සක්.වැස්ස දිහා ඔහේ බලා ගෙන ඉන්නකොට ජයනි ප්‍රසාදනි ජයසිංහ ව මතක් වුණා.තමන් ට තමන් මතක් වෙනවා ගොඩක් අඩුයි නේ.මේ ඇය ගැන නම් නෙවේ.ඒත් අමතක කරන්න බැරි කදුලක් ඇස් අග තියනවා.කාටවත් නොපෙනෙන කවුරැවත් නොදකින අදුරැ ගුහාව පොඩ්ඩක් අවුස්සන්න හිතෙනවා.


ජීවිතේ මතුපිටින් පෙනෙන සරළ යථාර්තය මත ජීවත් වුණත් ඉබේ ම වගේ හදවත ජීවිතය ඇදගෙන ගියේ අමුතු ම දිශාවකට.පොඩිකාලේ කවුරැ වෙන්න ද කැමති කියලා කවුරැ හරි ඇහුවම බහුතරය කියන වෛද්‍යවරියක්, ඉංජිනේරැවරියක් වෙනවා කියනවට වඩා කාටත් කිවේ දේශපාලනය කරනවා කියලා.හැමෝම හිනාවුණා.මොකටද ? රට හදන්න.ජීවිතේ බෝ දුක් දරගෙන කෙම් බිමක් හොයන අම්මට මේ වචන නීරස වුනත් ක්‍රියාකාරී ව සමාජය වෙනස් කිරීමේ විප්ලවයට අතගසපු තාත්තා නම් බොහොම සතුටු වුණා මේ වචන අහලා.

ම‍ගේ දෝණි ටයර් උඩ පිස්සුන කෙනෙක් ද ‍කොහෙද කියලයි තාත්තා තමන්ගේ සතුට පිට කළේ.එකම දූ මල්වර වුණා ම පිච්ච මලින් සරසපු වතුරෙන් නාවලා පිරිසිදු කරලා සුදු පිරැවටයක දවටල ලෝකයට අණ බෙර ගහන්න අම්මගේ හිතේ ‍ලොකු ගෑණු ආසාවක් තිබ්බත් ඒ වැඩිහිටි වීම සමාජයෙන් හංගලා කුටුම්බය ඇතුළ ට පමණක් සන්නි‍වෙදනය කරපු තාත්තා රන් අභරණ මිල මුදල් වෙනුවට අතේ ගුලි කළේ පුංචි අත් ඔර්ලෝසුවකුයි, පුංචි කොළ කෑල්ලකුයි.එකේ මෙහෙම ලියලා තිබ්බා.

මල්වර නැකතින් දොරට වැඩිය දූ

දූ සරසන්නට අභරණ නැති දා

දෝර ගලා ආ දරැ සෙනෙහස

නාය ගියාදෝ නොදනිමි මා

ඇති නැති පරතර මැවෙනා ලෝකෙක

ඇති නැති පරතර මිහිදන් කෙරැමට මල්වර

නැකතින් පෙරට එන්න දූ

දූ සනසන්න ට දූ සරසන්න ට

අතමිට මා අත හිග මුත් දෝණි

හදවත තුළ අදිඨන නැගුමට යෝධ දිරිය මා සතුවේ දෝණි

දූටත් ඕන වුණේ වෙනසක්.යෙහෙළියෝ සම වයසේ බොහෝ දෙනා විරැද්ධ ලිංගිකයන්ට ආදර ඉගිබිගි පා කරද්දී සිනමාවේ වීරයෝ බිත්ති කාමර වල පුරවද්දී සුදු හුණු ගාපු දූගේ කාමරේ සැරසුනේ එකම ඡායාරෑපයකින්. ඒ ඡායාරෑපයට යටින් තිබ්බේ යමෙක් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ නම් හේ ‍මගේ ළග ම සගයා වේ කියලා.
දූටත් ඕන වුණේ වෙනසක්.යෙහෙළියෝ සම වයසේ බොහෝ දෙනා විරැද්ධ ලිංගිකයන්ට ආදර ඉගිබිගි පා කරද්දී සිනමාවේ වීරයෝ බිත්ති කාමර වල පුරවද්දී සුදු හුණු ගාපු දූගේ කාමරේ සැරසුනේ එකම ඡායාරෑපයකින්. ඒ ඡායාරෑපයට යටින් තිබ්බේ යමෙක් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ නම් හේ ‍මගේ ළග ම සගයා වේ කියලා.


චේ ගේ ළගම සගයා වෙන්න දූ පෙරැම් පිරැවා.ආදරණීය සිහින දැවටුන පෙම් පිටු අතර සමීප යෙහෙළියන් සැගවෙද්දී දූ කියෙව්වේ තාත්තා දුන්න වානේ පන්නරය ලැබු හැටි , හඩනු මැන නිදහස , ඉතිහාසය මා නිදොස් කරාවි වගේ පොත්පත්. වෙනසක් හැම වෙලේම අපේක්ෂා කළා.එතරම් මහන්සි නොවුණත් පළවෙනි පාරම විශ්ව විද්‍යාලයට තේරෙද්දී තාත්තා ගොඩක් සතුටු වුණා.එක දෙයයි කීවේ.මේ ජීවිතේ රට වෙනුවෙන්.වෙනසක් ඕන.

මේ හැම පටලැවිල්ල අස්සේ ම මේ දූ ගෙයි තාත්තා ගෙයි සම්බන්දේ ශූන්‍ය වෙලාම ගියා කෙටි කාලෙකින් ම.ජීවිත වලට ගොඩක් අතුරැ මාර්ග එකතු වුණා.ජීවිත කතාව ගොඩක් වෙනස් විදිහ ට ලියවුණා.මේ කතාව මටත් නීරසයි වගේ.ඉතින් තවත් මොකට ද?

4 comments:

.::පිස්සා::. said...

ඔයාගේ තාත්තා හදවත ගොඩාක් ලස්සන මනුස්සයෙක් වෙන්න ඇති...

හ්ම්ම්.. නීරස කතා ගැන දැන් හිතලා වැඩක් නෑ..
ඒත් ඉතිං, හිතෙන වෙලාවට මෙහෙම කුරුටු ගාන්න, අපිට බලන්න..

ජයනි said...

පිස්සා. මතුපිටින් පේන ලස්සන ඇතුළේ නෑ. පේන සරළ යථාර්ථය නෙමෙයි ඇත්ත. ඒක දූ ටත් තේරැනේ පස්සේ.ඒකනේ කතාව වෙනස් වුණේ.යථාර්ථය වෙනස් නිසා තමා ඔය‍ගේ අම්මාගේ කතාව මගේ අම්මට සමාන වෙන්නේ

indrasiri said...

wahi kirille kiyanne ekai. katawath laga wenna bari atha ahase nawum wahi bidu agee pipasaya niwanawa...polwa temanna , gaha kola pana gahanna kalin nawum wassa haduna ganne WAHI KIRILLE WITHARAI.


SITHUWILI HAMADAMATH DALULANNA ...

Bhathisha Akalanka Silva said...
This comment has been removed by the author.