වැහි කිරිල්ලී

Thursday, February 25, 2010

නි.ක්.මී.ම..................


මියෙමින් රැකීමට ඔබෙ පණනල කළ ප.රි.ත්‍යා.ග.යෙ.න්  නෙළුමක් වී අසල කළ පි.දු.මෙ.න්  ප්‍රමෝදයට පත් ව කළ න.ම.ස්.කා.ර.යෙ.න්  අනතුරැ ව  කළ නි.ක්.මී.ම


මම දෙනෙත් පියන් හැර බලමි
ඔබෙ රැව මොහොතකටවත් මගෙ දෙනෙතින් නික්ම නොයන්නෙ ඇයි ?
රැය දහවල දහවල රැය පැය මිනිත්තු තත්පර ගෙවී යයි.
ඔබ මගෙ මතකයෙන් ඉක්ම නොයන්නෙ ඇයි ?
එක් කලක දී අපි හැම විටම එකටම සිටියා
දැන්........
ඔබ කොහේ ද ? මා කොහේ ද ?
ජීවිතය කොහේ ද ?
ජීවිත ගමන පුරාවට ඔබෙ සෙවණැලි වැටී මැකී නොයන්නෙ ඇයි ?
මේ නිහඩ බව තුළ තවදුරටත් නිහඩ බවක් නෑ
ඕනෑකම තිබුනත් ඔබ හා දොඩන්නට ඊට ඉඩක් නෑ
මන්ද ඔබ බොහෝදුර ගිහින් මා හැර........


මම දෙනෙත් පියන් වසමි
මගෙ සිහිනයන් තුළ පවා ඔබ සැරිසරන්නෙ මන් ද ?
මගෙ ජීවිතයට කඩා වැද මගෙ සිහිනයන් පවා මට නැති කළේ මන් ද ?
දැන් ඔබ දුන් සිහිනයෙහි මා නිරතුරැ ව අවදියෙන්
මතකයන් අමතක නොවේ
යළිත්..යළි යළිත්
හදවතේ සැරිසරා ඔබෙ රැව සොයයි
ඉනිදු නොනැවති..පියවර හඩක් ඇසෙන විට
ඔබ ආවදෝ විමසා මා පෙලයි
හමායන සුළං රොදක ඔබෙ සුවද දැව ටී විත්
මගෙ සුසුම් සුවදවත් කළා
වේදනාව ගැන මා කෙළෙස කියන්න ද ?
අනේ හැකිනම් තව එකම එක සැරයක් විත්
සිනහව කදුළු රැදී මගෙ හදවතේ සැරිසරන
ඔබේ මතකය රැගෙන යන්න
මා සන්තක ව ඇති මගෙ ජීවිතය
රැගෙන යන්න........

8 comments:

චමිදේවා said...

අනේ ඔව්,ඉක්මනටම ඒ මතකය අරන් යනවනම් තමයි හොඳ.
ඔය සන්තෑසියම මටත් අදාලයි.

චතුරංග රූපසිංහ said...

නියමායි..................

බිඟූ said...

@ජයනි,
පොඩි බඩ්ඩක් කියන්නද?
ඔයාගේ සමහර වචන් හරි‍ය ලියවිලා නෑනේ. කියවනකොට නිකං කැතයි වගේ.

රොදක --> රොදක
ප්‍රමොදයට --> ප්‍රමෝදයට

මම හිතන්නේ තව චුට්ටක් මේ ගැන හිතලා බලන්නකෝ.
සමහරවිට මේක ලිපිය කොපි කරනකොටෑච්ච දෙයක් වෙන්න පුළුවන්
/බිඟුවා...!

Anonymous said...

Goodbye, my almost lover..
Goodbye, my hopeless dream..
I'm trying not to think about you
Can't you just let me be?
So long, my luckless romance
My back is turned on you
Should've known you'd bring me heartache
Almost lovers always do..

වැහි කිරිල්ලී said...

බිගුවා-campas එකෙ project එකකට තමා blog එක පටන් ගත්තෙ.තාම මෙකෙ technical side එක ගැන එ හැටි දැනීමක් නෑ.ඔයා කියන අඩුපාඩු ව මටත් තෙරිල තියනවා.මම blog එකෙ type කරල publish කරන්නෙ. පො මෙහෙම ලියද්දී ඉස්සරහයින් එන බිංදුව අයින් කරන්නෙ කොහොමද? මෙ අඩුපාඩු මග හරවා ගන්න උදව් කරනවද මට?

වැහි කිරිල්ලී said...

චමි.දෙ.වා-මතකය අරන් ගියොත් අරන් යන්නෙ මගෙ ජීවිතෙම නෙ.එ මතකය තමා මා සන්තක ව තියෙන මගෙ ජීවිතෙ.

you're my heart,you're my soul
I keep it shining everywhere I go
you're my heart ,you're my soul
I'll be holding you
FOREVER........
STAY WITH YOU TOGETHER........

වැහි කිරිල්ලී said...

i dreams a million dreams
only one i wish come true
you see thay wish
with all my soul
it just to be with you....

i wish you were here
to hold my hand
whenevery i get lonely
or wrap a loving arm around me
when the distance made me sad....

but for now i can only sit here
and smile as we talk
because i know some body with all my heart..
that we'll be together....

වැහි කිරිල්ලී said...

බිගුවා-මම අඩු පාඩුව හදා ගත්තා