වැහි කිරිල්ලී

Tuesday, February 16, 2010

සරසවිය..........

සරසවිය මියුරැ සිහිනයක්.ජීවිතය, ඉගෙනුම ,ආදරය එකට මුසු වෙලා ගලා ගෙන යන සරසවි ජීවිතයේ වීන්දනීය සීමාවන් සංස්පර්ශ කළ හැකි හොදම මාර්ගයක් වන්නේ සරසවි කුරැටු ගීතයි.සබරගමුව සරසවියේ කියවීම් ශාලාවෙන් (රීඩිම) අහුලාගත් ජීවිත අත්දැකීම් හි රසයයි මේ.
සරසවියට එන්න මට ලැබුනා      සවිය
මම හිතුවා එකයි මගෙ ජීවිතෙ      අවිය
නිමා වෙද්දි වසර තුනක ජීවිත   කෙළිය                                   
ගන්න සිද්ධ වෙනවා දෑතට            අවිය

ජීවිතේ මගෙ නොවෙයි

එය අද නුඹේ වෙලා........
අතීතෙත් මගෙ නෙවෙයි
එය නුඹ අරන් ගියා........
හෙට දිනත් මගෙ නෙවෙයි
නුඹ නමින් කැප වෙලා........
ඉතින් මගෙ ආත්මෙ ම
නුඹ නමින් ලියවෙලා........ (අනුපමා 28.09.2007)

සද රොටිය

හිරැ ලිපේ දා
පුලුස්සා
කන්නද අම්මෙ
මම....
බඩගින්නට                   

7 comments:

සු෴ said...

සඳ රොටිය - හිරු ලිපේ දා.. මාර කියමනක්නෙ..
ගොඩක් හැඟීම් දෙන වචන ටිකක්. හොයලා පළ කළාට ස්තූතියි.
දිගටම ලියන්න. ජයවේවා!

ජයනි said...

පලවෙනි comment එක.ස්තුතියි දිරිගැන්නුවට.

ශාකුන්තල said...

සබරගමුවෙ තියෙනව වගේ අපි කවදාවත් අහල නැති ඒව ටිකකුත්... ලියමුකො බලන්න.... මම නම් ගොඩක් සංවේදී හාස්‍යයට.... :)

ජයනි said...

හාස්‍ය අස්සෙත් තියෙනනෙ අපෙ ජීවිතෙ ම තමා.

sandika said...

ගොඩක් හොදයි වැඩෙ.මම wish කරනව ඉදිරි සාර්තකත්වයට.මමත් 1ක් පටන් ගත්ත.හැබැයි ඒක තවම ප්‍රාතමික අවදියෙ තියෙන්නෙ.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

මම හිටපු නේවාසිකාගාරේ අපි යනකොට අපිට බිත්ති වල ලියන්න ඉඩ තිබුනේ නැ ඒ නේවාසිකාගාරය හැදුවට පස්සේ ඒවගේ තීන්ත ගාලා තිබ්බේ නැ. මම අවුරුදු 2ක් එකම කාමරේ හිටියා 99 යේ. ඒත් නේවාසිකාගාරයෙන් නික්ම යන විටත් එහි ඇතැම් කවි මා කියවා තිබුනේ නැ හරිම අපූරු නිර්මාණ ඒ දේවල්. ඒ සෑම එකකම ගැඹුරු අර්ථ වලින් පිරිලා සමාජයේ මනුස්ස හැඩරැව තමයි ඒ හැම එකකම තිබ්බේ.
ස්තුතියි මතක් කර දුන්නාට

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

තව දෙයක්
මෙන්න මේ කවිය හරිම අපූරුයි අපි හිතන ඉසව්වට වැඩිය වු අර්ථයක් මේකේ තියෙනවා..
මිනිස්සුන්ගේ අව්‍යාජත්වය මොනවට පෙන්නුම් කරනවද?

සද රොටිය

හිරැ ලිපේ දා
පුලුස්සා
කන්නද අම්මෙ
මම....
බඩගින්නට