වැහි කිරිල්ලී

Tuesday, July 5, 2011

සමනළ වැවෙන් දාගැබක ශේෂ මතුවෙලා??????

මේ කාලයේ ටිකක් විතර දරැණුවට නියගයකට මුහුණ දෙන්න ලංකාවට සිදුවෙලා.ගොඩක් ඇලදොල සිදිලා ගිහින්.සමණල වැවත් මේ අකරතැබ්බෙට මුහුණ පාලා.මේ අතර මතක ඇති ඉතිහාසේ නොවිච්ච දෙයකුත් සිද්ධ වෙලා.හොදටම සිදුණු සමණල වැවෙන් දාගැබක හැඩය ගත් නෂ්ටාවශේෂ මතුවෙලා.සමණල වැව හදලා තියෙන්නේ ගම්මානයක් යට කරලා කියලත් කතා තියෙනවා.කෙසේ නමුත්,බස් පවා අරගෙන පාසල් වලින් වෙනත් ආයතන වලින් එන පිරිසෙන් මේ දවස් වල සමණල වැව පිරිලා.දන්න අවුරැදු 20 ක 30ක ඉතිහාසයේ වැවට මෙහෙම දෙයක් සිදුනොවුන බවයි මේ පළාතේ උදවිය පවසන්නේ. කෙසේ නමුත් මේ ජල අර්බුදය සබරගමුව විශ්වවිද්‍යාලය වසා දමන තත්වයට පවා ඇද දමලා.ඒ ගැන කසුකුසුවකුත් එහෙන් මෙහෙන් කණ වැකෙද්දී මේ රෑ දසුන් සමණල වැවෙන් එකතු කරගත්තේ ඔබ වෙනුවෙන්.
(මේ ජයාරෑප වල 2010 අවුරැද්ද කියලා සටහන් වුණේ නම් පුංචි අත්වැරදීමකින්.)












7 comments:

නදී said...

සමනළ වැව බලන්න ගිහින් නම් නෑ.ගොඩක් හිදිලා නේද?පුංචි දාගැබැක් වගේ නේද අර ගලක් උඩ තියෙන්නේ.වැව හදද්දී කරපු දෙයක් වෙන්න ඇති.

සංකල්පනා - රුවන් said...

මේක දාගැබක්ම නෙවි වගේ...

වැහි කිරිල්ලී said...

සමණල වැව හදපු තැන ඉස්සර ගම්මානයක් තිබුණලු.‍මේ ග‍මේ උදවිය ඉවත් කරලා තමා වැව හදලා ති‍යෙන්‍ ‍නේ.ඒ අය නැවත පදිංචි කරල ති‍යෙන්‍ ‍නේ බළං‍ගොඩලු.‍මේ ග‍මේ තිබුණ පන්සල ‍නොකඩා ම වැව හදපු බවයි කියන්‍ ‍නේ.‍මේ විස්තර ඒ ඒ උදවිය‍ගෙන්.‍කෙ‍සේ නමුත් කැණීම් කරලා වගකිව යුතු පාර්ශව ඇත්ත ‍සොයා ගත යුතුයි.

~ChAnDiKa~ said...

අහ්! සබරගමුවෙම කෙනෙක් නේද? සතුටුයි අඳුනගන්න ලැබුණ එක. :)

Raj said...

කලාත්මක පිංතුර ටිකකක්.... කොහොමත් සොයා නොගත් ලංකාවේ බොහොමයක් වෙහෙර විහාර තවමත් තියෙනව.....
මා දන්න විදිහට පුරාවිද්‍යා එකේ කට්ටිය බලන්ගොඩට උඩින් කලුපහන පැත්තේ සහ බෙරගල අතර ප්‍රදේෂයේ කැනිම් වගයක් කරන්ඩ යනව කියලා ආරංචි......
" ඔබතුමි සුලඟ වගේ ඇවිදින් කියවලා තියෙනව නේද.... ඇත්තෙන්ම අපෙත් ඉස්කොලේ කාලේ හොදට හිට් වෙච්චි පොතක්..."

ටී.බී. හේරත් said...

"සමනල වැව පුරවන්නට - බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර - දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...//"

ලස්සන පින්තූර ටිකක්, ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...

වැහි කිරිල්ලී said...

රාජ්
ස්තූතියි ප්‍රතිචාර වලට.ඉස්කෝල කාලේ කියවපු පොතක්.තාමත් හිතේ කොණක තියනවා.
ටී.බී
ස්තූතියි.