වැහි කිරිල්ලී

Thursday, March 4, 2010

හිත පාරපු උණුසුම් ම කදුළ ක්........

වැහි කිරිල්ලී කාගෙවත් හිත රිදෙන දේ කරනවා බොහොම අඩුයි.ඒත් හොස්ටල් වල එකට කට්ටියත් එක්ක ඉද්දි විහිලු තහලු නොකරම ඉන්නෙත් නෑ.ඉතින් හොස්ටල් එකේ මගේ ඇද කෙළින් ම ඉන්නෙ පොඩි කාලේ ඉදලම මාත් එක්ක ජීවිතේ බෙදා ගත්ත යාළුවෙක්.විවේකය බොහොම අඩු අපේ ජීවිතේ ලැබුන පුංචි විවේකයකදී අර යාළුවා පහුගිය දවසක මාත් එක්ක තනි වුණා.අනිත් කාමර සගයෝ දෙන්නම එදා හිටියේ නෑ.මේ කියන යාලුවා කලු ම කලු ටෙඩි බෙයා කෙනෙක් තුරැලු කරගෙන ඉන්නවා මම මේ කැම්පස් ආව දවසේ ඉදන් දැකලා තියෙනවා.ඇත්තම කියනවා නම් මේ ටෙඩී හුරතල් කරන්න හිතෙන තරම් ලස්සන කෙනෙක් නෙවේ.ඉතින් කාලෙක ඉදන් මට විහිලුවක් කරන්න හිතෙන කොට මේ යාලුවා මගේ සරදමට ලක් වෙනවා එයාගේ ටෙඩී නිසා.එදත් එහෙමයි.මෙයා ඒ ටෙඩී ව බොහොම ආදරෙන් තුරැලු කරගෙන හිටියා.මම විහිලු කළා.ටික වෙලාවකින් මෙයා මට කීවා " එහෙම විහිලු කරන්න එපා.මේ ටෙඩී මට ගොඩක් වටිනවා" කියලා.කෙනෙක් ගේ ජීවිතේ විනිවිදින්න තියන කුහුල වැහිකිරිල්ලී නිහඩ කරද්දී එයා කතා කළා."මේ මට අම්මා ඉස්සරල ම ගෙනත් දුන්න සෙල්ලම් බඩුව.දන්නව ද එදා මම කොච්චර සතුටු වුණා ද? කියලා.කවුරැ කොහොම දැක්කත් මට මේක ගොඩක් වටිනවා."
                     මේ වචන පේළි වලට වැහිකිරිල්ලී උත්තර දු‍න‍්නේ ඇස් අගට ඉනුව කදුළකින්.මේ යාලුවගේ තාත්තා නෑ.ඉන්නේ අම්මා විතරයි.ඉල්ලපු ගොඩක් දේ අරන් මෙයාව සතුටු කරන්න අම්මට හැකියාවක් නොතිබුණු විත්තිය කලින්ම මාත් එක්ක කියලා තිබුණා.වැහිකිරිල්ලි ට හිතුණේ අඩල අඩල මේක ලැබුණ දවසේ මේ පොඩි එකා කොච්චර සතුටු වෙන්න ඇත්ද? ජීවිතේ අවම අවශ්‍යතා විතරක් එක්ක ජීවත් වෙලා ලැබුණ ඉඩ හසරෙන් මේක අරන් දීපු අම්මා කොච්චර සතුටු වෙන්න ඇද්ද?බාහිරින් බලන කොට ඇස් දෙකට අසු වෙන පටු වර්ණාවලියට ඔබ්බෙන් තියෙන සංකීර්ණ ජීවිතේ කොයි තරම් සංවේදී ද කියලා.හවස තනිවුණ මොහොතක වැහිකිරිල්ලී මේ කලුවට කැතට ඇස් වලට අහුවුණ ටෙඩී බෙයාව තුරැලු කරගත්තා.එයාගේ රස්නේ කෙනෙක් ගේ ජීවිතේ සංවේදී ම ඉසව්වක් අපූරැවට කියාපෑවා.

10 comments:

.::පිස්සා::. said...

මට, මේක කියවලා මගේ පොඩි කාලේ මතක් උනා. මම කොයිතරම් ආසාවල් හිර කරන් හිටියාද කියලා, දැන් හිතනකොට මට කදුළු එනවා.

මට කවදාවත්ම කතා පොතක් , සෙල්ලම් බඩුවක් කවුරුවත් ගෙනත් දීලා නෑ. මම ඒවට කොයි තරම් ආසා උනත් මම අම්මාගෙන් ඒවා කවදාවත් ඉල්ලලත් නෑ. අම්මාට ඒවා අරන් දෙනවාට වඩා වැඩ තියෙනවා කියලා මම ඒ කාලෙත් දැනං හිටියා.

දැන් මගේ මෙහේ කාමරේ එක එක සත්තුන්ගෙන් පිරිලා. මට සෙල්ලම් බඩුවක් දැක්කාම දැනටත් ආසයි. කොහොම හරි අල්ලලා බලනවා. අපේ මෙහේ යාළුවෝ හොදටම මට හිනා වෙනවා. ඒත් මම ඒවාට ආසයි.

ජයනි said...

ජීවිතේ හිර කරගත්ත දුක්බර ම කදුළු ආදරණීය මතක වුණා ම ජීවිතේ විදින්න හිතෙන්නේ එහෙම අහිංසක සතුටකින් තමා.

isaman said...

තෑග්ගක් වටින්නෙ ඒකෙ ලස්සන, වටිනාකම නෙමෙ කියන එකයි මගේ නම් මතය. දීපු කෙනා වගේම දීපු අවස්තාව නේද වටින්නෙ?

යෝගී... said...

ජීවිතේ කියන්නේ නිකම් ම නිකං පාට ‍ගොඩක් නෙවී , ඊට වඩා ගොඩක් සංකීර්ණ දෙයක් කියලා මේ කතාව අපිට ආයෙත් මතක් කරල දෙනවා.
ඇත්තටම මේ යාළුවා තුරුළු කරගන්නේ ටෙඩී බෙයා නෙවී. එයාගේ අම්මගේ ආදරේ උණුසුමත් , ඒ ආදරණීය උණුහුමත් එක්ක ඒ වෙලාවට ළඟ නැති එයාගේ දුප්පත් අහිංසක අම්මගේ මතකයත් කියලයි යෝගියට හිතෙන්නේ.
වැහි කිරිල්ලිටත් ඒ ටෙඩී බෙයාගෙන් දැනෙන්න ඇත්තේ උණුසුමයි මතකයයි වෙන්න ඇති.
- ජය

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

මාත් කවදාවත් අම්මාගෙන් තාත්තගෙන් තෑගි ඉල්ලලා නැ ඒත් මට එයාලා පොඩි කාලේ බයිසිකලයක් අරන් දුන්නා මට මතකයි මම කොච්චර ඒකට ආදරය කලාද කියලා මෑතක් වෙනතුරු ඒ සිහිවටනය මං ගාව තිබ්බා සංසාරේ පුරාවට අපේ දෙමව්පියො අපිත් එක්ක ඉන්නවා ඒ බැදීම විස්තර කරන්න අමාරුයි "ටෙඩි බෙයාව තුරුල් කරන් ඉන්නේ ඒ තුළ අම්මගේ සෙනෙහස තියෙන නිසා"

Chamila Liyanage said...

වැහිකිරිල්ලීට මගේ සුපැතුම් නොනැවතී පියාඹන්නට...

පූර්ණ ආලෝක said...

සමහරුන්ට හැමදේම ලැබෙනව. ඒක නිසා වටිනාකම දැනෙන්නෙ නෑ වගේම නැති අය ගැන සංවේදීබවක්ද නෑ. සමහරුන්ට කිසිවක්ම ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඔවුන් සිහින දකිනව. ඒත් ගොඩක් දේවල් අහිමිවෙලා තියෙද්‍දි දැනෙන වටිනාකම හිමි වුණාම තියෙනවද?

sami said...

janu, idon't think about it.now i feel little sad but don't get as it serious

රොකියා | Udara said...

පවු ඒ ලමයට කොච්චර දුක හිතෙන්න ඇද්ද !

ජයනි said...

very sorry sami.i thing that u know me.