ජීවිතයේ මා ලද මහගුතම හා වටිනාම
ත්‍යාගය මා අම්මා, තාත්තා සහ අයියා ය
මාගේ ජීවිතය ගොඩ නගන්නට
අම්මා තරම් දුක් දැරෑ කෙනෙක්
තාත්තා තරම් සෙවණ දුන් කෙනෙක්
අයියා තරම් සෙනෙහස පිරෑ කෙනෙක්
ලොව තවත් නැතී............
මේ ජීවිතයේ ඇට මිදුළු සිසාරා දුවන්නේ
ඔබ තිදෙනා නමින් ගලනා රැධිරයයි.
මට ඔබ වෙනුවෙන් කළ නොහැකි කැපකිරීමක්
ලොව තවත් නැතී...............
සත්තයි මේ වචන හරි බරයි
මා තැනුවේ ඔබයි
මා ජීවිතය ඔබෙයි
එහෙත් මේ ජීවිතයේ මා දුටු සුන්දර ම මිනිසා ඔබයි
මිනිස් සන්වේදනා හා ගැටෙමින් තෙරපෙමින් හැපෙමින්
ගෙවනා මේ ජීවිතයේ
මා කියැවූ මා දැන උගත් ඒ මහා පොත් වල සිටි
නිහතමානී මිනිසා ඔබයි..
මා හදුනාගත් කැපවීම අධිෂ්ඨානය ඔබයි....
මහා දර්ශන මා වනපොත් කරද්දී
මිනිසත්කම ප්‍රායෝගිකව පෙන්වූයේ ඔබයි......
මා හදුනාගත් මිනිසත්කම ඔබයි....
ඇවැසි තැනට, ඇවැසි පරිදි නායකත්වය දුන්
මා දුටු මහා පෞර්ශය ඔබයි....
සෞන්දර්යයේ පැහැය කියා දුන්
මා විදි ඒ හැම හැගුමකම හිමිකරැවා නුඹයි.....
ඉදින් හෙට ඔබ නික්මේවි
මේ මට ඔබට දිය හැකි තුටු පඩුරයි...
හැමදේම නොව
එහෙත් බොහෝ මිනිසුන් ළග නැති
බොහෝ දේ දරා සිටිනා
අවිහිංසක සිනාවකින් සිතුවිලි සාගරයක්
වසා සිටිනා
ඔබට බෝ පින්
මේ දුන් විසල් සෙවණ ට. රැකවරණයට
නොමියෙනා මතකයට.....