කදුලැල්ලක්
ඔබගේ නෙත් අගින්..වැටෙනතුරා
ඉරි තලා ගොස්..ගිණි ගැනුනු සිත්
බලා හිදී....
කිසි දිනක
එක් නොවන අප
වෙලුනු ආදර ක්ෂතිජයේ
මතක හසරැල්
තෙත් කළා හද
හෙලු තුටු කදුලැල් දරා......
නිමා නොවෙනා
හදේ ළසොවින්
ගැහැට ඉවසනු බැරි නිසා
යළි හඩා නොවැටෙන්න
ඔබ
හිත හදාගත්තාද මන්දා.......
6 comments:
ලස්සනයි!
ස්තූතියි හිරැ
ඉස්සෙල්ලාම වැරදි පෙන්නන්න යන්නේ අනිත් අයගේ වැරදි දකින එක මගෙ හැටි නිසා.
ගිණි ගැනුණු "සිත්" හරි ද "සිත" කියල නිවැරදි වෙන්න ඕනෙද?
මේකෙ සමහර පද යම්කිසි තාලයකට විරිතකට තියා ගන්න උත්සාහ කරල තියන බව පේනවා. නමුත් ඒක මුලු කවිය පුරාම නැහැ... පලවෙනි කවියේ ඇත්තෙම නැහැ වගේ. මේවා නිසඳැස් නිසා එලිසම, එලිවැට නොගැලපුවත් කියවනකොට, ඒකට යම් තාලයක් විරිතක් තිබ්බා නම්, මීට වඩා හිතට වදිනවා...
කවියෙ අන්තර්ගත අදහස නම් බොහොම අගෙයි
උපදෙස් වලට බොහොම ස්තූතියි.මම පළපුරැදු කවියෙක් නොවන නිසා වැරදි වෙන්න ඇති.හැකිතාක් නිවැරදි කරගන්න උත්සහ ගන්නම්
nice one....
Post a Comment