වැහි කිරිල්ලී

Saturday, August 27, 2011

‍හදවතට ගුලිවුණු මේ මතක කැටි අරන් අපි සමුගනීවි...........

කා‍ලේකින් ආ‍යෙත්.සිතුවිලි හරිම ශුනයයි.‍‍හොස්ටල් එ‍කේ සිවිලිම අස්‍සේ කූඩු හදාගත්ත පරවියන් සද්දෙට කෑ ගහනවා.මම තනියම ආ‍යෙමත් ‍වෙනුර 16 කාම‍රේට ‍වෙලා ම‍ගේ සිතුවිලි ‍පොදි ගහනවා.තාම විභා‍ගේ.කාම‍රේ  හැ‍මෝටම අද විභා‍ගේ මම තනියම.උ‍දේ ම පත්ත‍රේ බලන්න පහළ තට්ටුව ට යන‍කොට විභා‍ගේ ඉවර වුණ අක්කලා ‍ගෙදර යනවා.ආ‍යෙත් එන්‍නේ නෑ ඒ අය හැමදාටම මිතුරැදමින් ගුලි‍‍වෙන්න.‍මේ පුංචි තවකාලික නවාතැනට ඒ අය සමු‍දෙනවා.සිත්පිත් නැති‍ මේ ගහ‍කොළටත් හැමදාම උදේ ට අපිව සිපගත්ත ‍මේ සුළගටත් ‍මේ ‍‍වේදනාව දැ‍නෙනවා ඇති.පත්ත‍රේ අකුරැ අස්‍සෙන් ඒ අය‍‍ගේ කදුලු ‍පෙන‍කොට පපුව හිර‍වෙනවා.ඉතාලි ජාතික සිනමා අධ්‍යක්ෂවර‍යෙකු‍ගේ bicycle thieves සිනමානිර්මාණය ගැන කියවපු මුකුත් ම හදවතට දැනු‍නේ නැහැ.එක එතනම දාලා ඇවිත් මම ‍මෙතන වාඩි වුණා. හමුවීම්, ‍වෙන්වීම් ජීවිත‍‍යෙන් මග අරින්න අපට බැහැ.හැම හමුවීමකම දැවටුණ අනිවාර්ය ‍වෙන්වීමක් තියනවා.ඒ ‍වෙන්වීම තුළ ‍සොදුරැ මතකයන් ව‍ගේ ම අමිහිරි සුසුමකුත් ගැබ්වෙලා තියනවා.අපි ගතකරපු ‍මේ අවුරැදු හත‍රේ සදාතනික මතකයන් පපුතු‍රෙහි හංගා‍‍ගෙන අපිත් එළ‍ඹෙන වස‍රේ ‍බෙලිහුල්ඔයටසමු‍‍දේවී.කාලය ‍‍කොච්චර නපුරැද?? ඒත් අලුත් වැසි එක්ක ‍බෙලිහුල්ඔය හැමදාම ව‍‍ගේ එකම රිද්‍මෙට තුටින් හසරැල් නගාවි.ආදර කදු නැවුම් පා සටහනින් හැමදාමත් දිදුලාවි. ‍හදවතට ගුලිවුණු මේ මතක කැටි අරන් අපි සමුගනීවි...........

Tuesday, July 12, 2011

.............Amulet...............


පහුගිය දවසක පුණ්‍යකාන්ති වි‍ජේනායක මහත්මිය‍ගේ Amulet නවකතාව කියවා හමාර කළා.ඒ කියවීම ජීවිතය මතට මහා බරක් පතිත කළා.පැළැන්තිය සමාජ තත්වය කුමක් වුවත් කුටුම්බ තුළට අනන්‍ය වූ වපසරිය තුළ හිර වූ මිනිසා‍ගේ මානසික සන්තෑසිය Amulet හී අපූරැවට විස්තර ‍කෙ‍රෙනවා.එ‍මෙන් ම කාන්තාවක‍ගේ ජීවිතය කාන්තාවක් වීම හරහා පත්වන පීඩාව Amulet හී නිරෑපනය කරනවා.එකි‍නෙකා‍ගේ බලපෑම හමු‍වේ විලංගු ලන නිදහස් චින්තන‍යේ අ‍දෝනා පාඨක හදවත් හී ඇතිකරන කම්පනය ප්‍රබලයි. වි‍ජේනායක මහත්මිය විවරණය කරන යාථාර්තය ලාංකීය සාමාජ‍යේ ම එක් පැතිකඩක සැබැ පිළිබිඹුවක්....

Thursday, July 7, 2011

ආදර කදු තරණය කර........

පේරාදෙණියට හන්තානය වගේ බෙලිහුල්ඔයට ආදර කන්ද.ඉස් ඉස්සරලාම කැම්පස් එකට එන බැජ් එකක් එකට එකමුතු ව කරන පළමුවන දේ තමා ආදරකන්ද නගින එක.ජීවිතේ එක් වරක් පමණක් ලබාගත හැකි සදාඅනුස්මණීය සිදුවීමක් මෙය. මගේ ජීවිතෙත් මම හැමදාම මතක තියාගන්න දවසක්. ආදර කන්ද ජීවීතේ කවදාවත් තනියම තරණය කරන්න බෑ.පිරිසක් ඉන්න ම ඕන.ඒ ලබන අත්දැකීම ජීවිතේ ට හරි ම වැදගත්. මේ අපේ බැජ් එකේ ආදර කදු තරණයේ දී හමු වුණ සොදුරැතම සේයා රෑ කිහිපයක් ඔබේ වින්දනයට.ආදර කන්ද උඩටම නැග්ගම පුදුම ලස්සනයි. සමහර විට ඔබට ජීවිතේ කිසිම දිනක මේ අත්දැකීම විදින්න නොහැකි වුනත් මේ මතකය ඔබේ හදවතේ සැමදා රැදේවී.
(අපි ආදර කන්ද නැග්ගේ හරියට ම 2009. 02 . 14 ආදරවන්තයන්ගේ දිනේ දා. ඒකත් සුවිශේෂි. ජායාරෑපයන් හි දිනේ පුංචි අතපසුවීමක්)











Tuesday, July 5, 2011

සමනළ වැවෙන් දාගැබක ශේෂ මතුවෙලා??????

මේ කාලයේ ටිකක් විතර දරැණුවට නියගයකට මුහුණ දෙන්න ලංකාවට සිදුවෙලා.ගොඩක් ඇලදොල සිදිලා ගිහින්.සමණල වැවත් මේ අකරතැබ්බෙට මුහුණ පාලා.මේ අතර මතක ඇති ඉතිහාසේ නොවිච්ච දෙයකුත් සිද්ධ වෙලා.හොදටම සිදුණු සමණල වැවෙන් දාගැබක හැඩය ගත් නෂ්ටාවශේෂ මතුවෙලා.සමණල වැව හදලා තියෙන්නේ ගම්මානයක් යට කරලා කියලත් කතා තියෙනවා.කෙසේ නමුත්,බස් පවා අරගෙන පාසල් වලින් වෙනත් ආයතන වලින් එන පිරිසෙන් මේ දවස් වල සමණල වැව පිරිලා.දන්න අවුරැදු 20 ක 30ක ඉතිහාසයේ වැවට මෙහෙම දෙයක් සිදුනොවුන බවයි මේ පළාතේ උදවිය පවසන්නේ. කෙසේ නමුත් මේ ජල අර්බුදය සබරගමුව විශ්වවිද්‍යාලය වසා දමන තත්වයට පවා ඇද දමලා.ඒ ගැන කසුකුසුවකුත් එහෙන් මෙහෙන් කණ වැකෙද්දී මේ රෑ දසුන් සමණල වැවෙන් එකතු කරගත්තේ ඔබ වෙනුවෙන්.
(මේ ජයාරෑප වල 2010 අවුරැද්ද කියලා සටහන් වුණේ නම් පුංචි අත්වැරදීමකින්.)












Saturday, July 2, 2011

දියලුම...............................

පහුගිය දවසක අපි අපූරැ සංචාරයකට එකතු වූණා. දියලුම දිය ඇල්ල බලන්න. හරිම අපූරැවට ගලා ගෙන යන දියලුම අපේ සිත් සතන් තුළ ට එකතු කරන්නේ සුපසන් හැගීමක්.ඒ අපුර්වත්වය සහෘද ඔබටත් ලබා දෙන්නටයි මේ වෑයම. මේ මගේ නෙත් මානයට එකතු වුණ රෑ දසුන්...........................








දියලුම ට යන අතරමග සබරගමු සරසවියට නුදුරින් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අසල සිත පහන් කරන පරිසරයක පිහිටි ඌව තැන්න පන්සල හමුවෙනවා. මේ ඒ රෑ දසුන්.......



අපි යන වේලාවේ හවස පන්සලේ බණක්. හාමුදුරැවෝ බණ කියන අතරතුර මයික්‍රපෝනයෙන් හිනා සද්දේකුත් ඇහුනා.ටික වේලාවකින් මේ දගයෝ දෙන්නා බණ ශාලාවේන් එළියට දැම්මමයි තේරැණේ බණ අස්සේ හිනා වුණේ කව්ද කියලා.




 

Tuesday, May 10, 2011

අසීමාන්තික සිතුවිලි...................

අපි ජීවත් වෙනවා. දුක වුනත් සතුට වුනත් සම සම ව දරාගෙන අපි ජීවත් වෙනවා. ජීවිතේ ගෙවාගෙන ගෙවාගෙන යනකොට විවිධාකාර සිද්ධි එක්ක අපි අලුත් වෙනවා. ලැබිච්ච දිර්ඝ නිවාඩුවත් එක්ක පරණ මතකයන් පිරිච්ච මගේ ලට්ට ලොට්ට ටික මම ඇදලා දැම්මා.ඒවා අතරේ හරි ආදරණීය මතකයක් හැංගිලා තියනවා කිසිම දිනක අපට මකලා දාන්නට නොහැකි. ඒ අතීතේ කොච්චර සුන්දර වුනත් අවසානේ ට අපට ඉතිරි කරන්නේ මතකයක් විතරයි. කාලය එක්ක අපි පරිණත වෙනවා. එතකොට අපි යමක් දිහා බලන විදිහත් වෙනස් වෙනවා. මගේ මතකයත් අලුත් වුණේ ඒ වගේ සිද්ධියක් එක්ක. ඈ මගේ ජීවිතේ දීර්ඝ සමයක සිටි හොදම යෙහෙළිය වුණා. ඒත් අද ඇයත් මාත් එකට නැහැ.නමුත් මගේ හෝඩි පොතේ එකට බැදුණ ඇගෙත් මගේත් නම, පින්තූර පොතේ එකට බැදුණ ඇගෙත් මගෙත් රැව අත්වැල ගිලිහුණ ට මකල දාන්න බැහැ.

එක් නිමේශයකට සිතට නැගෙන සංවේදනා ඉවසිල්ලක් නැතුව පිට කිරීමේ මනුශ්යො ගතියට යට වුණු අපි දෙදෙනා ටම ඉතිරි වුණේ සුන්දර අතීතයක් විතරයි. වර්තමානයක් නෑ. ඒ නිසා ම අනාගතයකුත් නැහැ. බොහෝ දුෂ්කර කාල වල දී අපි එකට හිටියා.අප ට හිනා නොවුණ මිනිසුන් වැළදගෙන අපි අපි ට පුරැදු අත්වැල අතහැරලා නන්නාදුනන පොළවක නන්නාදුනන හිත් අපේ කරගෙන හදුනන අත්වැල ලිහලා දැම්මා. ජීවිතේ මොන පැහැය ද කියලා අදුර ගන්න බැරි ඒ නිසා.ජීවිතේත් හරියට මේ අනන්ත අහස වගේ.හරි ඉක්මනට වෙනස් වෙනවා.අපිට ඔන දේ නෙවේ දෙන්නේ. මම දිග හුස්මක් හෙලලා සිත සැහැල්ලු කරගත්තා. මේ අකුරැ කියවන්න සමි ට නිස්කාසුවක් නෑ කියලා මම දන්නවා.මේ පැත්තට ගොඩ වැදුණා නම් ඔයා මාව තේරැම් ගෙන ගොඩක් කල්. කොහොම වුනත් මට සමා වෙන්න වරදක් වුණා නම්.ආයේ අපේ සබදකම් කිසිම දිනක ගොඩ නොනැගේවි. ඒත් අපි එකට හිටිය නම් කොච්චර සුන්දර දේවල් අපි ජීවිතේට එකතු වේ විද? ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. අපි නෙත ගැටෙන කාලය පවා ගෙවිලා යන්න බොහොම ළගයි. අවසානේ ට අප ඉතිරි කරගත් දේ කුමක්දැයි මට හිතුනා. නිවීම ම මිස ජීවිතයට වෙන කිසිවක් සුවය සලසන්නේ නැතැ යි මට හිතුණා. ඇයට මට මේ සබදකම් ශුන්යව ව ගිය පසු සතුට ඉතිරි වුවා දැයි මම නොදනිමි. හරි ම කෙටි මේ ජීවිතේ බොහොම සීරැවෙන් ගත කළ යුතු යැයි මට හිතුනේ ඇය නික්ම ගිය පසු.... ඇය කෙසේ සිතුවත් හදවතින් ම පතන්නේ  ඔබේ ජීවිතේ නිති සතුට ම වේවා......

                       ...................................................ජානු.................................................


Tuesday, May 3, 2011

අකුරැ ගෑවා මම ඔහේ.......

සීතල ට කදුලු බිදු මිදෙනකොට මට හිතාගන්නත් බෑ
ජීවිතේ මා කොහේ ගෙන ගියා දැයි.........
සිරැවට පටලෙවුණ ජීවිතේ ලිහාගන්න ට
සිතට සිතවිලි ගලා ආවත් නිනව්වක් මට නෑ.........

Tuesday, April 19, 2011

කාලේක ට පස්සේ...............

කාලේක ට පස්සේ  ආයෙමත් සුපුරැදු නවාතැන ට ගොඩ වැදුනා. අවුරැද්දත් ගෙවිලා ගිහින්.ඒත් මගේ හිත කියනවා සුභ අලුත් අවුරැද්දක් වේවා කියලා ඔබට සුභ පතන්න.




 විශ්ව විද්‍යාලය නොහිතපු විදිහ ට අර්බුදයට ගියපු වේලාවේ  මුකුත් අකුරැ නොකර ඒ නපුරැ නිහැඩියාවට ම ඉඩ දීලා අපිත් ඔහේ බලා උන්නා.උදේ දැක්ක සහෝදරය රෑ  අනාරක්ෂිත විදුලි සැරට හසු වේලා මියෙද්දී හදවතත් අඩලා අඩලා ගල් වේලා සිතුවිලි නතර කරලා දැම්මා.ඇත්තටම අපි හිටියේ වේදනාවේන්.ගෙවිලා ගියේ සබරගමුව ට  බොහො ම නපුරැ කාලයක්.ඉතින් ඒ ඉ‍ඩෝරය නතර වේලා ආයෙමත් යහපත දලු ලන අනාගතයක් ගැන අපි හීන දකිනවා මේ අලුත් අවුරැද්දේ.......

Tuesday, February 1, 2011

හා හා පුරා.......................

පරණ අවුරැද්ද ගෙවිලා ගිහින් අලුත් අවුරුද්ද ලබලා මාසයකුත් ඉක්ම ගිහින්.පහුගිය කාල සිමාව පුරාවට ම අපි ට අලුත් වෙන්න අලුතින් සිතන්න කියලා දෙන්න ලියුව සටහන් වලින් පත්තර පොත් පිරිලා තිබ්බා.මට හැගුණේ අපි කොච්චර කියෙව්වත් අපි අලුත් වෙන්නේ නැවුම් වෙන්නේ අත්දැකීම් එක්ක කියලා.ගෙවුණ දවස් 365 ඔබගේ ජීවිතයට බොහෝ අත්දැකිම් එකතු කරන්න ඇති. ඒ අත්දැකිම් තුළින් ජිවිතය ගොඩනගා ගැනීම තමා වැදගත්.හා හා පුරා කියලා අලුත් අවුරැද්දේ කියවු පොතක මෙහෙම සටහනක් තිබුණා

 
"ආදරෙන් මිනිස්සු ඇසුරැ කරන්න අමාරැයි.අපි ව වෙනස් කරන අපි ට එකතැන ඉන්න ඉඩ නොදෙන මිනිහ ම අපි පිළිකුල් කරනවා.ආදරෙන් අපි ව වෙනස් කරන ආදරය නිසා ම අපි ට එකතැන ඉන්න ඉඩ නොදෙන ගෑණු පිරිමි ශරීරත් අපි පිළිකුල් කරනවා. අපි ව වෙනස් නොකරන අපි ට එකතැන ඉන්න ඉඩ දෙන ගෑණු මිනිස්සු ම අපි වැළ ද ගන්නවා.සමහරැ ඒකට සම්ප්‍රදාය කියලත් නියනවා.අපේ ජීවිත වල ට ආශිර්වාද කරන අයව අපි වැළ ද ගන්නවා.ආදරය නිසා අපේ ජිවිත විවේචනය කරන අයව අපි ඈත් කරන්න උත්සහ ගන්නවා.අපේ ජීවිත වලට ආශිර්වාද කරන අපිට කැමති අපි ව වෙනස් නොකරන මිනිස්සු තුළ අපි ගැන විවේචනයක් නැතු වා නොවෙයි.ඔවුන් ගේ විවේචනය කියවන තැන දි අපි නැහැ."


ගැහැණු පිරිමි ශරීරත් එක්ක අපි කරන මේ මිනිස් ගණුදෙණු ව තුළ මේ වචන කොතරම් සත්‍ය ද කියලා මට හිතුණා.මේ මගේ ජීවිතයටත් පහුගිය සමයේ එක් වූ හොද අත්දැකීමක්.ඒ අත්දැකීම මගේ ජීවිතයට ප්‍රබල කම්පනයක් එකතු කළ ත් ඒ අත්දැකීමේ හැඩයට ගළපන්න වර්ණ සොයනකොට මට මේ පොත මුණ ගැහුණා.මේ වචන ඒ අත්දැකීමට අපූරැවට වර්ණ ගළපනවා.මිනිස්සු කැමති අපි කරන මිනිස් ගණුදෙණු ව තුළ ආශිර්වාදය ට ම විතරයි බොහෝ අවස්ථා වල දී.ආදරණිය විවේචන කියවන තැන අපි නෑ.අපි ලගින් ම අසුරැ කරන අපි අපි ව හොදින් තේරැම් අරන් ඇති කියලා හිතන ඇතැම් චරිත අපි ඔවුන් වත් ඔවුන් අපිවත් තේරැම් අරන් නැහැ කියලා හිතෙන්නේ මේ ආදරණීය ව්වේචන ඔවුන් භාර ගන්න විදිය දකිනකොට.මේ හරිම සරළ කියවීමක්.හැබැයි මේ කියවීම නොදැ න කළොත් අපි ට අපේ ජීවිතේ බොහෝ සම්බන්දකම් අහිමි කරනවා.ඒ නිසා වත්මන් සමාජය ඇතුළේ අපි ගණුදෙණු කළ යුත්තේ මතුපිට විතරක් ස්පර්ශ කරමින් ද කියලා හිතෙන අවස්ථා එමටයි. ඒත් එකත් සාදාරණ නැහැ. මේ ඇත්ත වටහා ගැනීම බෝහො වැදගත්. කෙසේ නමුත් ජිවිතය බොහොම කෙටියි.ගෙවුණ ජීවිතය මතකයක් ම විතරයි.සතුටින් අත්දැකීමෙන් පරිණතව යහපත් ව ජීවිතය ගත කිරීම තමා බොහොම වැදගත්.