කාලේකින් ආයෙත්.සිතුවිලි හරිම ශුනයයි.හොස්ටල් එකේ සිවිලිම අස්‍සේ කූඩු හදාගත්ත පරවියන් සද්දෙට කෑ ගහනවා.මම තනියම ආයෙමත් වෙනුර 16 කාමරේට වෙලා මගේ සිතුවිලි පොදි ගහනවා.තාම විභාගේ.කාමරේ හැමෝටම අද විභාගේ මම තනියම.උදේ ම පත්තරේ බලන්න පහළ තට්ටුව ට යනකොට විභාගේ ඉවර වුණ අක්කලා ගෙදර යනවා.ආයෙත් එන්‍නේ නෑ ඒ අය හැමදාටම මිතුරැදමින් ගුලිවෙන්න.මේ පුංචි තවකාලික නවාතැනට ඒ අය සමුදෙනවා.සිත්පිත් නැති මේ ගහකොළටත් හැමදාම උදේ ට අපිව සිපගත්ත මේ සුළගටත් මේ වේදනාව දැනෙනවා ඇති.පත්තරේ අකුරැ අස්‍සෙන් ඒ අයගේ කදුලු පෙනකොට පපුව හිරවෙනවා.ඉතාලි ජාතික සිනමා අධ්‍යක්ෂවරයෙකුගේ bicycle thieves සිනමානිර්මාණය ගැන කියවපු මුකුත් ම හදවතට දැනුනේ නැහැ.එක එතනම දාලා ඇවිත් මම මෙතන වාඩි වුණා. හමුවීම්, වෙන්වීම් ජීවිතයෙන් මග අරින්න අපට බැහැ.හැම හමුවීමකම දැවටුණ අනිවාර්ය වෙන්වීමක් තියනවා.ඒ වෙන්වීම තුළ සොදුරැ මතකයන් වගේ ම අමිහිරි සුසුමකුත් ගැබ්වෙලා තියනවා.අපි ගතකරපු මේ අවුරැදු හතරේ සදාතනික මතකයන් පපුතුරෙහි හංගාගෙන අපිත් එළඹෙන වසරේ බෙලිහුල්ඔයටසමුදේවී.කාලය කොච්චර නපුරැද?? ඒත් අලුත් වැසි එක්ක බෙලිහුල්ඔය හැමදාම වගේ එකම රිද්‍මෙට තුටින් හසරැල් නගාවි.ආදර කදු නැවුම් පා සටහනින් හැමදාමත් දිදුලාවි. හදවතට ගුලිවුණු මේ මතක කැටි අරන් අපි සමුගනීවි...........
1 comment:
"වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා - නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා..."
Post a Comment