මම...............
උපන්නේ, හැදුනේ
වැඩුනේ
වයඹ.
ඔයා.................
සබරගමුවේ.
අපි.................
මුණ ගැහුණේ, ජීවිත
පටන් ගත්තේ
හැඩුවේ, සිනාසුණේ
සබරගමුවේ.
අපි.............
ආදරෙන් ඇවිද ගියේ,
මතකයන් එකතු කළේ
ඌවේ දී.
අපි..............
ජීවිතේ හොයාගෙන
පියමැන්නේ
බස්නාහිර ට.
දැන්....ආයෙමත්
මම.............
වයඹ.
ඔයා..............
නැගෙනහිර.
කෝ කොහේද
අපේ
ජීවිත ?
7 comments:
හ්ම්ම්ම්ම්ම්ම්....
කතාව කොහොම උනත්,ලියල තියන විදිහ නම් නියමම නියමයි !
ජය!
සරසවියේ බැඳි පෙම් කතාවක්.........
මේ පුංචි රටේ
කොතැනකදී හෝ
මතු කවදා හෝ
........................................
ස්තූතියි හිරැපමා වී.විසිතුරැ හරි.
මේ රට පුංචි කීවට මට එහෙම දැනෙන්නේ නෑ දැන් නම්
ජීවිතෙත් එක්ක රට වටේ එහෙමත් නැතිනම් ලෝකෙ වටේ යන එකම සුන්දර දෙයක් නෙමෙයිද?
Post a Comment