ආදරණීය අයියේ.....
බෝ දුර සත්සමුදුරැ
එතෙර
වැලි කතර ඔබ තනිව
දින,සති වසර නික්මෙයි.
බොහෝ කලකින් මා
දුටුව
ඔබේ නෙත වැකුණු
කදුලක්
තෙත් කළා මා හදවත
ඉක්ම ගිය මතකයෙන්......
අම්මා එපා නංගිට
බනින්නට
වදනිකුදු හද තවනු නොහැකිව
ආදරෙන් පියෙකු සේ
ඔබ පිරෑ පාරමී...අපේ
බාලේ
මැවෙයි මා අබියස
කකියවා දවා මා
හදවත.......
මේ එකම අහස යට
එකම හිරැ සදු එළිය
දුන්නද
මා තනිව......
ඔබ තනිව බොහෝ දුර
ඈතක......
කාලෙකින් ජීවිතය
ඉසිඹුලන
ඇසිල්ලක.....
මා අදත් පියමනිනවා
අයියේ
සොයන්නට ඔබට මට
මගඇරැණු ජීවිතය.......
දැනෙන්ට ජීවිතය
කිසිදිනෙක
තනි නොවන වග
සුළගකට මුසුකර
එවනවද
ඔබෙ හදහැස්ම
මට........
4 comments:
ලස්සන අදහස්ක්..
සහෝදරයෙක් නැති මට සහෝදර බැදිම් කියන්නේ ලොකු හැගිමක් හිතට දැනෙන්නේ..ඒ මට..සහෝදරයන් සහෝදරියන් ඉන්න අයට තමන්ගේ කම තියෙද්දි කොහොම දැනේවිද..
අපුරු කවි පද ...ලස්සනයි..
ස්තූතියි
දිනේශ්, නිම්ශා
වසින වැස්ස...
සීත නොදෙන
පුලුන් වලා පීරාගෙන
ඈත දුරට පියඹන්නට
සෙමෙන් සලන් පියාපත්....
වැහි කිරිල්ලිගේ නිර්මාන වලටත් ජීවිතයටත්
ජය සහ ශක්තිය !
දිනේෂ් කොළඹගේ (සුළඟවගේ ඇවිදින්)
Post a Comment