ආ දුර බොහොයි. මටත් පුදුමයි අපේ සබදකම් සැගව ගිය හැටි ගැන..............
නෙත් අග කදුලු බිදු අරඅදියි.සගවමි ඔබෙ න් අයැදුම් කුමටද ආදරයට............
Thursday, August 26, 2010
Sunday, July 4, 2010
ආදරණීය යෙහෙළිය ට......
සන්වේදී හිතැත්තෙකු ට යුද ජයග්‍රහණයකින් උන්මාදයට පත් විය නොහැකි ය. මන්ද එසේ සතුටින් ආළෝලනය වන සිතට කදුළු බිදුවක අමිහිරි වේදනාව නොපෙනෙණ හෙයිනි.පටු සීමා මායිම් බිද හෙලමින් යුද්ධය නිසාවෙන් සිය ආත්මය අහිමි වූවන්ගේ ජීවන ගීතයේ ස්වර සර හැදිනීමට සන්වේදී හිතැත්තෙකු ට හැකි විය යුතු ය.වෙඩි ප්‍රහාර, ප්‍රතිප්‍රහාර නොකඩවා සිය ජීවිතය මතට පතිත වන තෙක් කිසිත් කර කියා ගත නොහැකිව බලා හිදි අවතැන් වූ ජීවිත මම ආදරයෙන් වැළද ගමි.මගේ ජාතිය, ආගම,ලෙයෙහි පාට නොබලන්න.ඇවැසි වන්නේ ඔබට සහෝදරත්වයේ උණුසුම් ම ආවරණය ලබා දීම පමණි.එකම සම බිමක, එකම මිනිස් පවුලක ඉපිද ජීවත් වීමේ පරම අයිතිය අහිමි වූවන්ගේ විලාප දෙන ආත්මය අපගේ ජයග්‍රහණයේ යශෝරාවය නොවේ.ජාතිය නිසා කිසිවෙක් ත්‍රස්තවාදීයෙක් ලෙස සැළකීම මුග්ධ සිතුවිල්ලක් මිස අන් කවරක් හෝ නොවේ.
(සැ.යු .... ජීවිතය මතට පතිත වූ දරැණුතම කම්පනයක් හමුවේ වැහිකිරිල්ලීය ගේ තෙළිතුඩ නිහඩ විය.)
(සැ.යු .... ජීවිතය මතට පතිත වූ දරැණුතම කම්පනයක් හමුවේ වැහිකිරිල්ලීය ගේ තෙළිතුඩ නිහඩ විය.)
Thursday, May 20, 2010
එක හැගීමක්.............
ගොඩක් ලොකු වේදනාවක් දැනෙන මොහොතක්.මේ වේදනාවට හේතු සහ පිළිතුරැ නෑ.ඇස් අගින් කදුලු කැට කඩා වැටෙනවා.ඒ කදුලු හරි සීතලයි.ඒත් කිසිම අරැතක් නෑ.මේ අඩන්නට වෙලාව නෙවෙයි.විභාගය අත ළග.ඒත් ජීවිතය වේදනාබර සීතලක කිමිදෙන විට ඉන් මිදෙන්න ට මට හැකි ද?
අපි ජීවිතයෙන් ඉල්ලන සමහර දේවල් හරිම ආත්මාර්ථකාමී යි.මේ දේ මේ විදිහට ම වෙන්න කියලා ඉල්ලලා එහෙම නොවුනම ගොඩක් හිත රිදවා ගන්නවා.ඒත් අපි ඉල්ලන දේ ඒ විදිහටම අපට ලැබිය යුතුම ද?ප්‍රශ්නයක්....අහිමි වීම සිතට ඇතිකරන වේදනාව බොහොම අමිහිරියි. මේ අහිමිවීම ඒ තරම් ලොකු දෙයක් නෙවේ. ඒක එක හැගීමක් විතරමයි.just a feeling.ඒත් ඒ එක හැගීම වෙනුවෙන් ජීවිතය බොහෝ සීතල මතකමල් පුබුදුවන හැටි.

Sunday, May 16, 2010
මතක දිගහැරැම.........
වැස්සක් වැහැලා පෑයුවා.එසේ මෙසේ වැස්සක් නෙවේ.ධාරාණිපාත වැස්සක්.වැස්ස දිහා ඔහේ බලා ගෙන ඉන්නකොට ජයනි ප්‍රසාදනි ජයසිංහ ව මතක් වුණා.තමන් ට තමන් මතක් වෙනවා ගොඩක් අඩුයි නේ.මේ ඇය ගැන නම් නෙවේ.ඒත් අමතක කරන්න බැරි කදුලක් ඇස් අග තියනවා.කාටවත් නොපෙනෙන කවුරැවත් නොදකින අදුරැ ගුහාව පොඩ්ඩක් අවුස්සන්න හිතෙනවා.
ජීවිතේ මතුපිටින් පෙනෙන සරළ යථාර්තය මත ජීවත් වුණත් ඉබේ ම වගේ හදවත ජීවිතය ඇදගෙන ගියේ අමුතු ම දිශාවකට.පොඩිකාලේ කවුරැ වෙන්න ද කැමති කියලා කවුරැ හරි ඇහුවම බහුතරය කියන වෛද්‍යවරියක්, ඉංජිනේරැවරියක් වෙනවා කියනවට වඩා කාටත් කිවේ දේශපාලනය කරනවා කියලා.හැමෝම හිනාවුණා.මොකටද ? රට හදන්න.ජීවිතේ බෝ දුක් දරගෙන කෙම් බිමක් හොයන අම්මට මේ වචන නීරස වුනත් ක්‍රියාකාරී ව සමාජය වෙනස් කිරීමේ විප්ලවයට අතගසපු තාත්තා නම් බොහොම සතුටු වුණා මේ වචන අහලා.
මගේ දෝණි ටයර් උඩ පිස්සුන කෙනෙක් ද කොහෙද කියලයි තාත්තා තමන්ගේ සතුට පිට කළේ.එකම දූ මල්වර වුණා ම පිච්ච මලින් සරසපු වතුරෙන් නාවලා පිරිසිදු කරලා සුදු පිරැවටයක දවටල ලෝකයට අණ බෙර ගහන්න අම්මගේ හිතේ ලොකු ගෑණු ආසාවක් තිබ්බත් ඒ වැඩිහිටි වීම සමාජයෙන් හංගලා කුටුම්බය ඇතුළ ට පමණක් සන්නිවෙදනය කරපු තාත්තා රන් අභරණ මිල මුදල් වෙනුවට අතේ ගුලි කළේ පුංචි අත් ඔර්ලෝසුවකුයි, පුංචි කොළ කෑල්ලකුයි.එකේ මෙහෙම ලියලා තිබ්බා.
මල්වර නැකතින් දොරට වැඩිය දූ
දූ සරසන්නට අභරණ නැති දා
දෝර ගලා ආ දරැ සෙනෙහස
නාය ගියාදෝ නොදනිමි මා
ඇති නැති පරතර මැවෙනා ලෝකෙක
ඇති නැති පරතර මිහිදන් කෙරැමට මල්වර
නැකතින් පෙරට එන්න දූ
දූ සනසන්න ට දූ සරසන්න ට
අතමිට මා අත හිග මුත් දෝණි
හදවත තුළ අදිඨන නැගුමට යෝධ දිරිය මා සතුවේ දෝණි
දූටත් ඕන වුණේ වෙනසක්.යෙහෙළියෝ සම වයසේ බොහෝ දෙනා විරැද්ධ ලිංගිකයන්ට ආදර ඉගිබිගි පා කරද්දී සිනමාවේ වීරයෝ බිත්ති කාමර වල පුරවද්දී සුදු හුණු ගාපු දූගේ කාමරේ සැරසුනේ එකම ඡායාරෑපයකින්. ඒ ඡායාරෑපයට යටින් තිබ්බේ යමෙක් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ නම් හේ මගේ ළග ම සගයා වේ කියලා.
චේ ගේ ළගම සගයා වෙන්න දූ පෙරැම් පිරැවා.ආදරණීය සිහින දැවටුන පෙම් පිටු අතර සමීප යෙහෙළියන් සැගවෙද්දී දූ කියෙව්වේ තාත්තා දුන්න වානේ පන්නරය ලැබු හැටි , හඩනු මැන නිදහස , ඉතිහාසය මා නිදොස් කරාවි වගේ පොත්පත්. වෙනසක් හැම වෙලේම අපේක්ෂා කළා.එතරම් මහන්සි නොවුණත් පළවෙනි පාරම විශ්ව විද්‍යාලයට තේරෙද්දී තාත්තා ගොඩක් සතුටු වුණා.එක දෙයයි කීවේ.මේ ජීවිතේ රට වෙනුවෙන්.වෙනසක් ඕන.
මේ හැම පටලැවිල්ල අස්සේ ම මේ දූ ගෙයි තාත්තා ගෙයි සම්බන්දේ ශූන්‍ය වෙලාම ගියා කෙටි කාලෙකින් ම.ජීවිත වලට ගොඩක් අතුරැ මාර්ග එකතු වුණා.ජීවිත කතාව ගොඩක් වෙනස් විදිහ ට ලියවුණා.මේ කතාව මටත් නීරසයි වගේ.ඉතින් තවත් මොකට ද?

Wednesday, March 10, 2010
පිස්සාගේ ලෝකය: How Can I Not Love You?
පිස්සාගේ ලෝකය: How Can I Not Love You?මම මේ lab එකේ පාඩම් කරන ගමන්.අහිමි වීම හිතේ ඇති කරන වේදනාව වචන වලින් සුවපත් කරන්න බෑ කියල දන්නේ ඒ වේදනාව දන්න නිසා.ඒත් තේරැම් ගත්ත ඕන හිමිවීම ඇතුලේ තියෙන්නෙත් අහිමි වීමම තමා.අපි හැමෝම කැමති වගකීමෙන් ජීවිතේ ගත කරන්න.ඒත් අපි නොහිතන තැන් වලට ජීවිතේ අපිව ගෙනියනවා.ඉතින් ඒ හැම වෙනස් වීමක් ම දරාගන්නවා ඇරෙන්න මොනවා කරන්න ද?
Thursday, March 4, 2010
හිත පාරපු උණුසුම් ම කදුළ ක්........
වැහි කිරිල්ලී කාගෙවත් හිත රිදෙන දේ කරනවා බොහොම අඩුයි.ඒත් හොස්ටල් වල එකට කට්ටියත් එක්ක ඉද්දි විහිලු තහලු නොකරම ඉන්නෙත් නෑ.ඉතින් හොස්ටල් එකේ මගේ ඇද කෙළින් ම ඉන්නෙ පොඩි කාලේ ඉදලම මාත් එක්ක ජීවිතේ බෙදා ගත්ත යාළුවෙක්.විවේකය බොහොම අඩු අපේ ජීවිතේ ලැබුන පුංචි විවේකයකදී අර යාළුවා පහුගිය දවසක මාත් එක්ක තනි වුණා.අනිත් කාමර සගයෝ දෙන්නම එදා හිටියේ නෑ.මේ කියන යාලුවා කලු ම කලු ටෙඩි බෙයා කෙනෙක් තුරැලු කරගෙන ඉන්නවා මම මේ කැම්පස් ආව දවසේ ඉදන් දැකලා තියෙනවා.ඇත්තම කියනවා නම් මේ ටෙඩී හුරතල් කරන්න හිතෙන තරම් ලස්සන කෙනෙක් නෙවේ.ඉතින් කාලෙක ඉදන් මට විහිලුවක් කරන්න හිතෙන කොට මේ යාලුවා මගේ සරදමට ලක් වෙනවා එයාගේ ටෙඩී නිසා.එදත් එහෙමයි.මෙයා ඒ ටෙඩී ව බොහොම ආදරෙන් තුරැලු කරගෙන හිටියා.මම විහිලු කළා.ටික වෙලාවකින් මෙයා මට කීවා " එහෙම විහිලු කරන්න එපා.මේ ටෙඩී මට ගොඩක් වටිනවා" කියලා.කෙනෙක් ගේ ජීවිතේ විනිවිදින්න තියන කුහුල වැහිකිරිල්ලී නිහඩ කරද්දී එයා කතා කළා."මේ මට අම්මා ඉස්සරල ම ගෙනත් දුන්න සෙල්ලම් බඩුව.දන්නව ද එදා මම කොච්චර සතුටු වුණා ද? කියලා.කවුරැ කොහොම දැක්කත් මට මේක ගොඩක් වටිනවා."
මේ වචන පේළි වලට වැහිකිරිල්ලී උත්තර දුන‍්නේ ඇස් අගට ඉනුව කදුළකින්.මේ යාලුවගේ තාත්තා නෑ.ඉන්නේ අම්මා විතරයි.ඉල්ලපු ගොඩක් දේ අරන් මෙයාව සතුටු කරන්න අම්මට හැකියාවක් නොතිබුණු විත්තිය කලින්ම මාත් එක්ක කියලා තිබුණා.වැහිකිරිල්ලි ට හිතුණේ අඩල අඩල මේක ලැබුණ දවසේ මේ පොඩි එකා කොච්චර සතුටු වෙන්න ඇත්ද? ජීවිතේ අවම අවශ්‍යතා විතරක් එක්ක ජීවත් වෙලා ලැබුණ ඉඩ හසරෙන් මේක අරන් දීපු අම්මා කොච්චර සතුටු වෙන්න ඇද්ද?බාහිරින් බලන කොට ඇස් දෙකට අසු වෙන පටු වර්ණාවලියට ඔබ්බෙන් තියෙන සංකීර්ණ ජීවිතේ කොයි තරම් සංවේදී ද කියලා.හවස තනිවුණ මොහොතක වැහිකිරිල්ලී මේ කලුවට කැතට ඇස් වලට අහුවුණ ටෙඩී බෙයාව තුරැලු කරගත්තා.එයාගේ රස්නේ කෙනෙක් ගේ ජීවිතේ සංවේදී ම ඉසව්වක් අපූරැවට කියාපෑවා.

Monday, March 1, 2010
ඉපල් නොවන මතක ඉම..........
බොහෝ දුර ඇවිද ගිය
බොහෝ දේ කතා කල
අපේ සිහින සගවාගත්
මාවතේ මා තනිව අද..
ඉදින් ඔබ නික්මුණේ ය..
ම හද ආරාණ්‍යයෙන්
නමුදු මා හද රැවා ගත්
ඉමිහිරිම මතක පොද
කදුළකට ඉපල් කළ හැකි ද කිව මැන..
බොහෝ දේ කතා කල
අපේ සිහින සගවාගත්
මාවතේ මා තනිව අද..
ඉදින් ඔබ නික්මුණේ ය..
ම හද ආරාණ්‍යයෙන්
නමුදු මා හද රැවා ගත්
ඉමිහිරිම මතක පොද
කදුළකට ඉපල් කළ හැකි ද කිව මැන..
Friday, February 26, 2010
Thursday, February 25, 2010
නි.ක්.මී.ම..................
මියෙමින් රැකීමට ඔබෙ පණනල කළ ප.රි.ත්‍යා.ග.යෙ.න් නෙළුමක් වී අසල කළ පි.දු.මෙ.න් ප්‍රමෝදයට පත් ව කළ න.ම.ස්.කා.ර.යෙ.න් අනතුරැ ව කළ නි.ක්.මී.ම
මම දෙනෙත් පියන් හැර බලමි
ඔබෙ රැව මොහොතකටවත් මගෙ දෙනෙතින් නික්ම නොයන්නෙ ඇයි ?
රැය දහවල දහවල රැය පැය මිනිත්තු තත්පර ගෙවී යයි.
ඔබ මගෙ මතකයෙන් ඉක්ම නොයන්නෙ ඇයි ?
එක් කලක දී අපි හැම විටම එකටම සිටියා
දැන්........
ඔබ කොහේ ද ? මා කොහේ ද ?
ජීවිතය කොහේ ද ?
ජීවිත ගමන පුරාවට ඔබෙ සෙවණැලි වැටී මැකී නොයන්නෙ ඇයි ?
මේ නිහඩ බව තුළ තවදුරටත් නිහඩ බවක් නෑ
ඕනෑකම තිබුනත් ඔබ හා දොඩන්නට ඊට ඉඩක් නෑ
මන්ද ඔබ බොහෝදුර ගිහින් මා හැර........
මම දෙනෙත් පියන් වසමි
මගෙ සිහිනයන් තුළ පවා ඔබ සැරිසරන්නෙ මන් ද ?
මගෙ ජීවිතයට කඩා වැද මගෙ සිහිනයන් පවා මට නැති කළේ මන් ද ?
දැන් ඔබ දුන් සිහිනයෙහි මා නිරතුරැ ව අවදියෙන්
මතකයන් අමතක නොවේ
යළිත්..යළි යළිත්
හදවතේ සැරිසරා ඔබෙ රැව සොයයි
ඉනිදු නොනැවති..පියවර හඩක් ඇසෙන විට
ඔබ ආවදෝ විමසා මා පෙලයි
හමායන සුළං රොදක ඔබෙ සුවද දැව ටී විත්
මගෙ සුසුම් සුවදවත් කළා
වේදනාව ගැන මා කෙළෙස කියන්න ද ?
අනේ හැකිනම් තව එකම එක සැරයක් විත්
සිනහව කදුළු රැදී මගෙ හදවතේ සැරිසරන
ඔබේ මතකය රැගෙන යන්න
මා සන්තක ව ඇති මගෙ ජීවිතය
රැගෙන යන්න........
Subscribe to:
Posts (Atom)