නිමිත්ත : පේරාදෙණිය
සරසවියේ රොබෝරොසියා ගස වියපත් ව කපා ඉවත් කිරීම.
සුළඟේ මුසු වී හමා යන්න
ට
තෙපුළ රහසක් දරා
උන්නා.............
හමුව වෙන් වූ
සුවහසක්
කඳුලු සුසුමන් දරා
උන්නා...........
ආලවන්ත කම් සිඹින
දෙකපුල්
ලොවින් සඟවා රහස්
රැක්කා......
නමුදු
ආවොතින් යන්න වේ නම්
නියත දහම ම එයම නම්
කාලයෙන් වියපත් ව
වියැකි යද්දී
මතක පමණ සඳා
ශේෂ වේවී
හදවත ට ගුලි වෙච්ච
ආදරෙන්.....................